මීගමුවේ Key Money ජාවාරම ඇරඹේ !

0
95

bribery-1newමීගමුව මහනගර සභාවේ නිමල් ලංසා පාලන සමයේ ප්‍රධානතම මුල්‍ය සම්පත් උත්පාදන ජාවාරම බවට පත්ව තිබුනේ Key Money ය .
එ සමයේ ක්‍රියාත්මක වු බස්නැවතුම් පල ඇතුළු බොහොමයක් දැ වලදි ඒකි කඩ ලබාදිම සදහා කල් ඇතිව Key Money ලබාගෙන එ් මුදල් වසර ගණනක් වුව තබාගෙන ගිවිසගත් පොරොන්දු පවා කඩකරමින් කටයුතු කර තිබුණි.
දායන් ලංසාගේ නගර පාලන සමයේදි ද ප්‍රධාන මුල්‍ය සම්පත් උත්පාදන මග ලෙසින් දැන් Key Money සෙල්ලම පෙරට එමින් තිබේ.
මීගමුව නගරයේ දැනට ඉතිරිව ඇති මහනගර සභාවට අයත් ඉඩම් වල විවිධ ව්‍යාපෘති කිරිමට දැන් සැලැසුම් වෙමින් තිබේ.සුපිරි නිවාස සංකිර්ණයක්ද මේ අතර වන බව සැලය.
මේ සියල්ල වෙනුවෙන් දැවැන්ත Key Money ප්‍රමාණයක් එකතු කිරිමට සැලැසුම් කොට තිබේ.
ඒපමණක් නොව මහ නගරසභා ගොඩනැගිල්ල පවා කඩා අළුතින් ඉදිකරන්නට සැලැසුම් කරමින් තිබෙන බවද සැලය.
පසුගිය කාලයේ  ග්‍රින් පාක් හි කඩඉදිකර දිම වෙනුවෙන් ද මෙලෙස Key Money එකතු කර තිබුණ අතර එකි මුදල කඩොල් කැලේ ගෘහස්ත ක්‍රිඩාංගනය ඉදි කිරිම සදහා යොදාගැනිම ගැනද කරුණු වාර්තා වි තිබුණි.
මේ Key Money ඉස්සර විමත් සමගින් හැකිතාක් Key Money එකතු කිරිම සදහා ම විවිධ ව්‍යාපෘති සැලසුම් විම පසුගිය කාලය පුරාම ක්‍රියාත්මක විය.
මිගමුවේ බස්නැවතුම ඉදිකෙරුණේ ඇත්තටම කඩහැදිම සදහාය. ඒ බිමේ ඉතිරි වු තැන් වල බස්නැවැත්විම සදහා කටයුතු සැලැසුම් කොට තිබුණි.
කව්රුන් මොනවා කිවද මේ Key Money ජාවාරම නිසාම මිගමුව බස්නැවතුම අද  පැහැදිලි අසාර්ථක ව්‍යාපෘතියක් වි තිබේ.
එය ඇත්තටම කඩඉදිකරන ලද සංකිර්ණයක් තුල බස්රථද නැවැත්විම පියවර ගෙන තිබුණ තැනක් පමණක් වේ.