මීගමුවේ MOH දයාන් ලංසාද ? සමීරද ?

0
61

මීගමුවේ එන්නත්කරණ වැඩසටහන් එහෙම පිටින් දේශපාලන සංදර්ශනයක් බවට පත්ව ඇතැයි මිගමුවේ නාගරික මන්ත්‍රිවරුන් පවා චෝදනා එල්ල කරන්නට පටන් ගෙන තිබේ.

15 වක වැඩි ප්‍රමාණයක් ඇති මහජන සෞඛ්‍ය පරික්ෂක කොට්ටාශවලට සමාන අවස්ථාවන් ලැබෙන අයුරින් මේ එන්නත බෙදාදිමට මිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සමීර නැමැත්තා පැහැදිලිව අසමත්වි ඇතැයි මිපුර අමතා කථාකළ මිගමුවේ ජේෂ්ඨ නාගරික මන්ත්‍රිවරයෙකු කියා සිටියේය.

මේ අතර මිපුර ඇමැති ග්‍රාම නිලධාරින් පිරිසක්ද චෝදනා කර සිටියේ මිගමුවේ එන්නත් කරණ වැඩසටහන පස්සා දොරෙන් ක්‍රියාත්මක, බදුගෙවන ජනයා පෝලිම්වල රස්සියාදු කරන එකක් බවය.

තවත් නාගරික මන්ත්‍රිවරයෙකුගේ චෝදනාව වුයේ MOH ගෙන් හෝ PHI ගුණරත්නගෙන් හෙට විදින්නේ කොහොටදැයි ඇසු විට දන්නේ නැතැයි යනුවෙන් පිලිතුරු දෙන බවය. පසුව හෙට දිනයේ දුරකථනයට පවා පිළිතුරු නොදි මගඅරින බවය.
ඒ අනුව මතුව ඇති ගැටලුව වන්නේ මිගමුවේ MOH දායන් ලංසාද නැතිනම් සමීරදැයි කියාය.

මහනගර සභාවේ මහජන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය තිබු පමණින් සමිරලා දේශපාලකයෙකු ඉදිරියේ වැටෙන්නේ ඒ අයගේද හොර හිත නිසා බව තවත් නාගරික මන්ත්‍රිවරයෙකුගේ චෝදනාව විය.
මේ අනුව ඉතා පැහැදිලිව පෙනි යන්නේ කටානේ මෙන් නොව මිගමුවෙ එන්නත් කරණය එහෙම පිටින්ම දේශපාලන ව්‍යාපෘතික වි ඇති බවය
නගරාධිපතිගේ හොර පෝලිම දිගටම පවත්වාගෙන යාම සදහා හැම දිනකම මහනගර සභාවේ නම් එන්නත් ලබාදිම ක්‍රියාත්මකය