මීගමුවේ Morden බස් නැවතුම දැන් මොකද වෙලා තියෙන්නේ

0
174

2011 පළාත් පාලන ජන්දයට පෙර  මැතිවරණ නිතිය ද උල්ලංඝණය කරමින් ඔක්තෝබර් 04 වෙනිදා විවෘත කෙරුණි.එය විවෘත කරමින් ප්‍රවාහන ඇමැතිවරයා පවසා සිටියේ එහි වැසිකිලියට ගිය විට දැනෙන්නේ තමන් සිංගප්පුරුවේ සිටි හැගීමක් බවය.බස්නැවතුම ජනතා අයිතියට පවරා ගෙවි ගියේ මාස 2 කකි.

දැන් යළිත් ප්‍රවාහන ඇමැති වරයා පැමිණ මෙහි සිදුවන ඇත්ත තත්වය විමසා බැලුවොත් ඔහුට කියන්නට වෙන්නේ තමන් කොහේ සිටිනවා කියාද…..
උඩ තට්ටුවේ Guest House එකක්

මේ බස්නැවතුමේ ඇත්ත පාලනය දැන් භාරව ඇත්තේ බස්නාහිර පළාත් සභා ඇමැති නිමල් ලංසා මහතාගේ ආධාර කරුවන් වෙතය.විවෘත කර මාස 2 කක් ගෙවි ගොස් තිබුනද මෙහි කඩ සාප්පු විවෘතව ඇත්තේ 10 කටත් අඩු ප්‍රමාණයකි.මෙයට හේතුව වි ඇත්තේ මේ කඩ ටෙනඩර් කිරිමේදි ඒවා බොහොමයක් ලබාගෙන ඇත්තේ ඇමති නිමල් ලංසාගේ හිතවතුන් විසින් වන අතර ඒවා පසුව වැඩි ගනන් වලට විකුණා ලාභ ගැනිම  ඔවුන්ගේ අරමුණ වි තිබුණි.මේ නිසාම බස්නැවතුමේ උඩු මහලේ කඩ තවමත් විවෘතව නැත.මේවායේ යතුරුභාරව සිටින්නේ නිශාන්ත නැමැත්තෙකි.ඔහු විසින් මේ කඩකාමරවලට සිය තාවකාලික යෙහෙළියන් නිතර කැදවාගෙන එන බව බස් නැවතුමේ දැන් කව්රුත් දන්නා සත්‍යයකි.

Security service ද මනමාල සේවාවක්ද….??
මේ ආරක්ෂක සේවාවේ කලින් ප්‍රධානියා ලෙසින් කටයුතු කලේ විශ්‍රාමික පොලිස් නිලධාරියෙකි. ඔහු විසින් උඩු මහල  මහජනයාට තහනම් කාලාපක් කර තිබුණි.පසුව හිටි හැටියේ ඔහුගේ සේවාව අත් හිටුවා තිබුණි.පසුව දැන ගන්නට ලැබෙන්නේ තවත් ආරක්ෂක සේවාවේ සේවිකාවකට අතවර කරන්නට යෑම හේතුවෙන් ඔහු සේවාවෙන් නෙරපා දමා ඇති බවය.මෙහි වැසිකිලි පිරිසිදු කිරිම භාරව සිටින කාන්තාවක්ද  මෙහි ආරක්ෂක නිළධාරියෙකුගේ අතරයකට ලක්ව තිබුණි.

නිසි නඩත්තුවක් නැත.මහජනයාට මේ සම්බන්ධයෙන් අවශ්‍ය නිසි දැනුම් දිම් සිදු කර ඇති බවක්ද නොපෙනේ .මේ අන්දමට ඉදිරියේදි කුමක් සිදුවේවිද…????