මීගමුවේ one way රථ වාහන සැලැස්මට පැරණි ව්‍යාපාරිකයෙක්ගේ නෝනා අකමැතිලු ?

0
52

( 6.30 Pm )මීගමුවේ පැරණි ව්‍යාපාරිකයක්ගේ නෝනා කිව්වලු ඇද්ද ඔයාල ඔය රැස්විම් වලට ගිහින් සාකච්ජා කරල one way එකක් දාගත්ත. දැන් කෝ අපේ කඩේට බිස්නස් …..
එදා ඉදන් මේ ව්‍යාපාරිකයා කල්පනා කරන්නේ තමන්ගේ කඩේට බිස්නස් නැත්තේ one way එක හින්ද කියල .
අයියෝ සල්ලි ….
හෙට ගැලපෙන විදියට මීගමුවේ අද කඩයක් කරන්න බැරිනම් බිස්නස් අඩුවෙනවා .
ඒක ෂුවර් ..
නැතුව මේ one way දැම්ම හින්ද නම් නෙමේ
මේ වගේ පරණ විදියට හිතන කට්ටිය හින්ද මීගමුවට පිළිවෙල ගේන්න හරිම ආමාරුයි
හැබැයි මෙයාල එකක් දැනගන්න ඕනේ ..මෙයාලාම තමයි මිට අවුරුදු ගානකට ඉස්සරවෙලා මීගමුව one way සැලැස්මක් අල්විස් කියන මහත්තයෙක් හදුන්වා දුන්න වෙලාවේ  ඒ කාලේ නගරාධිපතිවෙලා හිටපු නිමල් ලංසා ලවා කඩාකප්පල් කරල දැම්මේ දැන් මල්ලිව අල්ලගෙන ආයෙත් මේක අල කරන්න යනවා

මීගමුවට මුලින් රථවාහන සැලැස්මක් හදුන්වා දිපු මුලස්ථාන පොලිස් පරික්ෂක අල්විස් මහතා
HQI samanthilaka.jpg
හිටපු මුලස්ථාන පරික්ෂක සමන්තිලක මහතා

මීගමුවට දැන් පිළිවෙල අවශ්‍යයයි ..
ටයි බෙල්ලේ බදින මහත්තුරුන්ට ඒක කරන්න බැරි බව ඔප්පුවෙලා ඉවරයි
එහෙම තියෙන කොට තමයි යන්තම් මේ පොලිසියේ මහත්තුරු එකතුවෙලා ටිකක් පිළිවෙල කරගෙන එන්නේ
ඒ කටයුත්තෙදි මිගමුවේ හිටපු මුලස්ථාන පොලිස් පරික්ෂක සමන්තිලක මීගමුවට කරපු එක් සාර්ථක කටයුත්තක් තමයි විධිමත් රථවාහන සැලැස්මක් හදුන්වල දුන්න එක.ඒ වෙනුවෙන් සමන්තිලක මහත්තයා අවංකව මහන්සි වුණා.
හෙටට ගැලපෙන නගරයක් ගැන ඇත්ත හැගිමක් ඇති ටික දෙනෙක් සමන්තිලක මහත්තයාටත් රථ වාහන අංශයේ ප්‍රධානි ගජනායක මහත්තයටත් උදව් කළා.
මේ හින්ද මිගමුව තුල ඉතිහාසයේ පළවෙනි වතාවට අති සාර්ථක රථවාහන සැලැස්මක් වසර 3 ක් තිස්සේ ක්‍රියාත්මක වුණා.
මේ හින්ද රථ ගාලක් නැති මිගමුවට නගරයට එන අයට රථ නවත්වන්න ඉඩක් හැදුනා.ඒ විතරක් නෙමේ හොරකම් කරල  පණින්න බැරි වෙන හින්ද  මිගමුවට මේ රථවාහන සැලැස්ම නිසා තවත් ආරක්ෂාවක් සැපයුනා. මොකද හොරකමක් කරල කැමැති පාරකින් දාල යන්න බැරිවෙච්ච හින්ද .
නමුත් මේක දැන් ආපහු විනාශ කරන්න පිරිසක් වලිකනවා.
ගැටළුව තියෙන්නේ පිසසෝ කලබල වුනාට දොස්තරල කලබල වෙන්න හොද නැති වුණත් මිගමුවෙදි පිස්සෝයි දොස්තරලයි දගෛාල්ලොම කලබල වෙනව.
ඒ හින්ද කෙලෙවෙන්නෙ මිගමුවට .
මීගමුවෙ කියන්නේ බස්නාහිර පළාතේ වේගයෙන්ම දියුණු වෙන වානිජ නගරය.
ඒකට පිළිවෙල අවශ්‍යයි.ටයි බදින පාලකයෝ හිටියට වැඩක් නැ එයාලගෙ ඇග ඩිජිටල් ඔළුව කචල් ,
ඒහින්ද මිගමුව දැන් විනාශය කරා යන්න පටන් අරන්
.,ඒ හින්ද මීගමුවට ඇත්තටම ආදරේ තියෙන අය දැන් ඉස්සරහට එන්න ඕනේ…