මීගමුවේ Water board එක මිනිස්සුන්ට මඩ වතුර පොවනවා. ඒකට විරුද්ධව මම නඩු දානවා. මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී .

0
55

පසුගිය දින කිහිපයේ මීගමුව නගරය හා නගරය ආශී‍්‍රත ප‍්‍රදේශ වලට ජල සම්පාදන හා ජලපවාහන මන්ඩලය මගින් ලබා දෙන ජලයේ මඩ ඇතුළු අවශේෂ ද්‍රව්‍ය මිශ‍්‍රව තිබීමෙන් ප‍්‍රදේශයේ ජනතාවගේ යහපත් සෞඛ්‍ය තත්වයට එය බරපතල අවධානම් සහිත තත්වයක් බව මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ලක්ෂ්මන් මහතා පවසයි.

නව නල මාර්ගයක් සම්බන්ධ කිරීමේදී නිසි පරීක්ෂාවකින් තොරව එය සිදු කිරීම නිසා මෙම තත්වය උද්ගත වූ බවත් ඒ සඳහා සම්පුර්ණ වගකීම ජල සම්පාදන හා ජලපවාහන මන්ඩලයේ මීගමු ශාඛාව භාර ගත යුතු බවත් ඔහු පවසයි.

නව නල මාර්ගයක් සම්බන්ධ කිරීමේදී එය අධීක්ෂනය කිරීමට හා නිරීක්ෂනය කිරීමටත් එම ආයතනයේ අදාල ඉංජිනේරුවරයා හෝ නිසි වගකිව යුතු නිලධාරියෙකු නොසිටි අවස්ථාවක එනම් එම නිලධාරීන් නිවාඩු ගෙන ඇති සති අන්ත දිනයක නල එලිමේ කටයුතු වල නිරත කම්කරුවන්ට අවැසි ආකාරයට මෙම කාර්යය සිදු කිරීමෙන් මෙවැනි තත්වයක් ඇති වී තිබෙන බවට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරයා චෝදනා කරයි. එලෙසම ඔහු පවසන්නේ මේ වන විට මේ මඩ සහිත නල ජලය සාම්පල් කිහිපයක්ම අදාල පරීක්ෂාවන්ට යොමු කර ඇති බවයි. එම පරීක්ෂන වාර්තා තමන් වෙත ලැබුනු වහාම නගරයේ හා අවට ජනතාවගේ යහපත් සෞඛ්‍ය තත්වය වෙනුවෙන් වගකිව යුතු සහ ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලෙස ජල සම්පාදන හා ජලපවාහන මන්ඩලයේ මීගමු ශාඛාවට එරෙහිව තමන් නඩු දමන බව ඔහු අවධාරනය කරයි.

එලෙසම ඔහු වැඩි දුරටත් අනාවරණය කරන්නේ මෙලෙස සිදුවූ දෙවන අවස්ථාව මෙය බවත් , ජලපවාහන මන්ඩලයේ නිලධාරීන් මෙම ජලයේ මඩ පමනක් ඇති බවට ප‍්‍රකාශ කලත් මෙම ජලයේ මලකඩ හා තවත් අවශේෂ ද්‍රව්‍ය ගනනාවක් තිබිය හැකි බවයි. මෙම තත්වය ගැන තමන් පැය 02 කට අධික කාලයක් මීගමුව ජලපවාහන මන්ඩලයේ  ඉංජිනේරුවරිය සමග සාකච්‍ජා කළ  බවත් එහිදී ඇය තම ආයතනයෙන් වරදක් සිදු වී ඇති බවට පිලිගත් බවද ඔහු පවසයි. එම සාකච්ඡාවේදී මීගමු ජනතාවගේ සියළු ජල ටැංකි මීගමුව ජලපවාහන මන්ඩලය විසින් පිරිසිදු කර දෙන මෙන් තමන් කල ඉල්ලීම , කි‍්‍රයාවට නැංවීම ජල සම්පත් මන්ඩලය මගින් බැහැර කල බවද මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා  වැඩි දුරටත් පැවසීය.