”මීගමුව අපි දිනවනවා ” – වෛද්‍ය හෙන්රි රොසයිරෝ

0
74

  dr.Henry 3dr'henry 2මීගමුව ආසනයේ එ.ජා.ප. ප්‍රධාන සංවිධායකවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම තුල මීගමුව ආසනයේ මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේම දේශපාලනය වඩාත් උණුසුම් වීතිබේ. එවන් පසුබිමක් තුල මීගමුවේ දේශපාලනයේ වර්ථමානය හා අනාගතය පිළිබද අදහස් දක්වන්නට මෙවර පළාත් සභා මැතිවරණයට මීගමුව ආසනයේ එ.ජා.පය වෙනුවෙන් තරග වදින නවක අපේක්ෂකයෙකු සමග සංවාදයකට ඉඩහසර වෙන් කලෙමු.
ඔහු වෛද්‍ය හෙන්රි රොසාරියෝ මහතාය.

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා 1987 උසස් පෙළ විභාගයේදී  හොදම ප්‍රතිඵල වාර්ථා කල ඔහු ජීව විද්‍යා අංශයෙන් කොළඹ සරසවියට ඇතුළු වීමට වාසන්වන්ත විය.  එහිදී ඔහුට විදෙස් අධ්‍යාපනය ශිෂ්‍යත්වයක් පිරිණැමිණි. ඒ අනුව රුසියාවේ මොස්කව් නුවර රාජ්‍ය වෛද්‍ය සරසවියට ඇතුළු වී පුරා වසර 7ක් ඔහු අධ්‍යාපනය ලැබීය.
එහිදී M.M.B.S හා M.D යන විශේෂ උපාධි ලබා 1999දී මීගමුව රෝහලේ වෛද්‍යවරයෙකු ලෙස තම සේවය ඇරඹීය.

වෛද්‍ය රොසාරියෝ මහතා මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ කාලයේ ක්‍රීඩාවට විශේෂ දස්කම් දැක්වීය.1986 පාසලේ සිටියදීම ඔහුට ජාතික පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කිරීමට වරම් ලැබිණි.ඔහු පාපන්දු ක්‍රීඩාව මෙන්ම වොලිබෝල් රගර් වැනි ක්‍රීඩා වලටද විශේස සද්කම් දැක්වූවෙකි.

ඔබ වෘත්තියෙන් වෛද්‍යවරයෙක් ලෙස ඇයි ඔබ වගේ ජනතාවට විශාල සේවාවක් කරන කෙනෙක් දේශපාලනට ආවේ ?

අධ්‍යාපනය ලබලා වෛද්‍යවරයෙක් විදියට රුසියාවේ සිට ලංකාවට ආවේ 1999 වසරේදී.
ඒ ඇවිදින් මම මේ මීගමුව ආසනයේ සමිති සමාගම් කීපයකම සාමාජිකයෙක් වෙලා විශාල සමාජ සේවාවන් කලා. ඒ වගේම 1999 වැල්ලවීදිය කුඩාපාඩුව මීසමේ දිලිදු දරුවන් වෙනුවෙන් අධ්‍යාපන සංවර්ධන අරමුදලක් පිහිටෙව්වා. ඒ වගේම ප්‍රදේශයේ ධීවර ජනතාව එකතු කරලා ධීවර සමිති සංවිධාන කිහිපයක් පිහිටෙව්වා.සුනාමි ව්‍යසනයෙන් පසුව ආපදා කළමණාකරණ කමිටු පිහිටෙව්වා. තවත් ක්‍රීඩා සමිති සංවිධාන වගේම තරුණ තරුණියන් සදහා සමිති සංවිධාන ගණනාවක් පිහිටෙව්වා. ඒ වගේම සිංහ සමාජය වගේ සංවිධාන වල සාමාජිකත්වය ලබාගෙන ඒවා හරහාත් විශාල සේවාවන් මේ ජනතාවට ලබා දීමට කටයුතු කලා.

හැබැයි මෙහෙම ජනතා සේවයේ යෙදිද්දී මට පෙනී ගියා මේ ප්‍රදේශයේ වෙසෙන දේශපාලකයන් අපි ජීවත් වවන ප්‍රදේශ වල කරන ක්‍රියාවන් ඒ වගේම ඔවුන් ගෙනගිය පාලනය ජනතාවට හිතකර පාලනයක් නොවන වග.ඒවගේම ඔවුන්ගේ පාලනය තුල දූෂණය අවනීතිය අල්ලස අසාධාරණය වැඩිවන අකාරය අපි දැක්කා.මේ අපි බලාපොරොත්තු වුන පාලනය නෙවේ. මේ ක්‍රමයට තවත් කලක් ගියොත් අපිට අපේ ළමා පරපුරට වැරදි ආදර්ශයක් වෙනවා.ඒක නිසා මේ ක්‍රමය වෙනස් කරන්න නම් මේ දේශපාලනයට පැමිණිය යුත්තේ ආදර්ශමත් බුද්ධිමත් පුද්ගලයින්. අන්න ඒකට පූර්වාදර්ශයක්  විදියටත් එවැනි තත්වයක් ආරම්භ කරන්නටත් එක්ක තමයි මම දේශපාලනයට එන්න හිතුවේ.

ඔබ කියන්නේ මේ මීගමුව ප්‍රදේශයේ දේශපාලකයන්ගෙන් යහපත් පාලනයක් සිදුනොවෙනවා කියලද..?

ඔව් ඒක ඇත්ත. දැන් මේ මීගමුවේ ඉන්න ප්‍රධානම නායකයින්දෙන්නා ගත්තොත් අපි බලාපොරොත්තු වුන යහපාලනයෙන් ගව්ගානක් ඈතින් තමයි ඔවුන් දෙන්නා ඉන්නේ . ඔවුන්ව මේ යහපාලනයට ගන්න පුළුවන් වෙයි කියලනම් මං හිතන්නේ නැහැ. අද අපේ සමාජය විෂමාචාර සමාජයක්. අද අපේ ළමා පරපුර කුඩු ගංජා වැනි මත්ද්‍රව්‍යයන්ට යොමුවන විෂමාචාර ක්‍රියාවන්ට යොමුවන ළමා සමාජයක් තියෙන්නේ. මේ ක්‍රමය වෙනස් කරන්න අර ගව්ගානක් ඈතින් ඉන්න අපේ දේශපාලන නායකයන්ට නොහැකියි. මම හිතනවා ඒ  දෙය කරන්න පුළුවන් අපි වගේ අයටයි කියලා. මම හිතන්නේ ඒක නිසා තමයි ක්‍රියාකාරී දේශපාලනයට ඇවිත් මැතිවරණයකට ඉදිරිපත් වුනු පලමු වතාවේදීම මේ ප්‍රදේශයේ ජනතාව මාව නාගරික මන්ත්‍රීවරයෙක් ලෙස තෝරා මීගමුව මහ නගර සභාවට යැව්වේ.

ඔබ ඔය ප්‍රකාශ කරන යහපත් හා ආදර්ශමත් පාලනයක් මීගමුව තුල සිදු කරන්න ඔබ තෝරාගත් දේශපාලන පක්ෂය අද වන විට මීගමුව ආසනය තුල විශාල ලෙස කඩා වැටීමකට ලක් වෙලා නේද..?

ඔබ ඔය කියන්නේ අපේ ආසනයේ ප්‍රධාන සංවිධායක මහතාව පොලිස් අත්අඩංගුවට ගැනීම සම්බන්දවයි.ඔහු පොලිස් අත්අඩංගුවේ පසුවීම පක්ෂයේ කඩා වැටීමක් හැටියට මම හිතන්නේ නැහැ.හැබැයි මේ පලාත් සභා මැතිවරණයට ඔහු පොලිස් අත්අඩංගුවේ පසුවීම යම් ආකාරයක අවාසියක්. හැබැයි මම හිතනවා ඔහුගේ අත්අඩංගුවට ගැනීම මේ වගේ කාලයක සිදු නොවිය යුතතක්.ඒ වගේම ඒක අපේ පක්ෂයට සිදුකල විශාල අසාධාරණයක්.

ඇයි ඔබ එහෙම කියන්නේ…?

රොයිස් ප්‍රනාන්දු කියන්නේ මීගමුව ආසනයේ මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කය තුල අපේ පක්ෂයේ සිටින ජනප්‍රියම සහ වඩාත් ආකරෂණීයම දේශපාලන අපේක්ෂකයෙක්. ඔහු සතුව තිබුණා මීගමුව ආසනයේ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේත් මේ මැතිවරණය ජයග්‍රහණය කරන්න නිර්මාණශීලී හා ක්‍රියාකාරී නව සැලැස්මක්.ඒ නිසා මම හිතනවා ඔහු අත්අඩංගුවට ගැනීම පක්ෂය පරාජය කරන්න යම් කෙනෙක් හෝ යම් කණ්ඩායමක් විසින් කරපු දේශපාලන කුමන්ත්‍රණයක් කියලා.

ඔබ කියන ආකාරයට මීගමුව ආසනයේ ප්‍රධාන සංවිධායක රොයිස් ප්‍රනාන්දු ඔතරම් ජනප්‍රිය වීමට සහ ආකර්ශණීය වීමට හේතු මොනවාද

රොයිස් ප්‍රනාන්දු අසාධාරණය අවනීතිය ඉදිරියේ නොනැමෙන සුළු දේශපාලන නායකයෙක්.ඔහු ඉතා ධෛර්යසම්පන්නයි.ආණ්ඩු බලය පොලිස් බලය මුදල් බලය නොමැති වුවද නීතිය හා සාධාරණය වෙනුවෙන් අභීතව හඩ නගන පුද්ගයෙක්.
ඔහු මීගමුව මහ නගර සභාවේ විපක්ෂ නායක ලෙස මීගමුව මහනගර සභාවට අයිති දේපල වෙනත් අය පෞද්ගලිකව භුක්ති විදින විට ඒවා වලින් දේශපාලකයින් හා ඔවුන් පිරිවර ආර්ථික වාසි ලබන විට ඒ වෙනුවෙන් විශාල හඩක් නැගුවා. විශේෂයෙන්ම මීගමුව රාජපක්ෂ උද්‍යානයේ සිදුවූ මුදල් වංචා හා දුෂණ පිලිබදව බීච්පාර්ක් එකේ සිදු වූ ටෙන්ඩර් අකුමිකතා සහ අසාධාරණ මුදල් ගැනීම් පිලිබදව නගරයේ ඇති නගර සභාවට අයිති වටිනා ඉඩම් කොල්ලකෑම් පිලිබදව නගර සභාවට ආදායමක් නොලැබෙන නගර සභාවට අයිති ක්‍රීඩා පිට්ටනි පිලිබදව ආදී මීගමුවේ දේශපාලකයන් විසින් නගර සභාවේ දේපල වලට සිදුකරණ අගතිය පිලිබදව ඔහු නිරන්තරයෙන් හඩ නැගුවා.
සමහර නගර සභාවේ දේපල වෙනුවෙන් විශේෂයෙන්ම රාජපක්ෂ උද්‍යානය වැනි පොදු ස්ථාන රැක ගැනීමට එම දූෂණ වංචා පිලිබදව ඔහු ඒ සදහා වගකිව යුතු පළාත් පාලන කොමසාරිස් වරුන් පවා දැනුවත් කලා.
අල්ලස් හෝ දූෂණ කොමිසමට පවා ඔහු දැනුවත් කලා. ඒවා සාක්ෂි සහිතව ඔහු ඔප්පුකරා ජනතාව දැනුවත් කලා.
මේ සියල් දේපල සිදු කලේ රාජ්‍ය බලය පොලිස් බලය මුදල් බලය නොමැතිව මීගමු ජනතාවට අයිති දේ එම ජනතාවට ලබා දීමේ යහපත් බලාපොරොත්තුවෙනුයි.එමනිසා තමයි පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඔහුට වාර්තාගත මනාප සංඛ්‍යාවක් මීගමුව ජනතාව ලබා දුන්නේ.මේ කරුණු කාරණා නිසා තමයි ඔහු මීගමුව ආසනය තුල වගේම ගම්පහ දිස්තික්කය තුල ආණ්ඩු බලයට මුදල් බලයට නොනැමෙන කොන්දක් තියෙන දේශපාලන නායකයෙකු ලෙස ජනප්‍රිය වුනේ.

දැන් ඔබ ප්‍රකාශ කරන්න උත්සහ කරන්නේ මේ සියල් කරුණු කාරණා නිසාම රොයිස් ප්‍රනාන්දුට එරෙහිව ක්‍රමන්ත්‍රණයක් සිදුවුනා කියලද..?

රොයිස් පුනාන්දුට පමණක් නෙවෙයි අපේ පක්ෂයටම එරෙහිව තමයි මෙය සිදුවුනේ කියලයි මටනම් හිතෙන්නේ.මොකද අද වෙද්දීත් රොයිස් ප්‍රනාන්දුට විරුද්ධව තියෙන සාක්ෂී එකිනෙකට පරස්පර විරෝධීයි. ඔහු තවම මෙම සිදුවීමට සැකකරුවෙක් පමණයි.නමුත් අද වෙනකොට රාජ්‍ය මාධ්‍ය පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඔහුව මෙම සිදුවීමට වරදකරුවෙකු කර හමාරයි.යම් සැකකරුවෙකු වරදකරුවෙකුද නැද්ද කියා තීරණය කිරීමේ අයිතිය තියෙන්නේ ගරු අධිකරණයට පමණයි.
එහෙම නැතිව පොලිස්පතිටවත් පොලිස්මාධ්‍ය ප්‍රකාශකයාටවත් ඒ වගේම රාජ්‍ය මාධ්‍යටත් විධායක බලය තියෙන ජනාධිපතිවරාටවත් බලයක් හෝ අයිතියක් නැහැ සැදී කකරුවෙකු වුරදි කරුවෙකු කරන්න.

නමුත් අද සිදුවන දේ බලන්න. අද රොයිස් වරදකාරයා කරලා මුළු එ.ජා.පයටම මඩ ගහනවා.මේ සියළු දේ වෙන්නේ මේ පළාත් සභා මැතිවරණයේදී එ.ජා.පයට තියෙන ජයග්‍රහණය වලකන්න කියලයි අපි හිතන්නේ .සහ අනිවාර්යයෙන්ම මේක ආණ්ඩුවේ දේශපාලන කුමන්ත්‍රණයක් කියලයි අපි හිතන්නේ
සත්‍යය ළුයයි
මොකද මම අහ කලින් කීවා වගේ රොයිස් ප්‍රනාන්දුගේ තිබුණ ආකර්ශණය ජනප්‍රියත්වය භය නැතිකම ධෛර්ය සම්පන්නකම වැනි හේතු නිසාම පහුගිය පළාත් පාලන මැතිවරණයේදී ප්‍රබලයන් ඒ කියන්නේ අණ්ඩුවේ ආසන සංවිධායකවරුන් දිස්ත්‍රික් නායකයන් වගේ ප්‍රබලයන් ඇවිත් ඔහුට කෝටි ගණනක් මුදල් සහ  වේ නගරාධිපතිකම ලබා දෙනවා කියලාඩු පක්ෂයට එන්න කියලා බල කලා.
එහෙත් ඔහු එහෙම ගියේ නැහැ.

දැන් කොහොමද පලාත් සභා මැතිවරණයට මුහුණ දීමට නව සැලසුමක් එහෙම තියෙනවාද..?

දැනට එ.ජා.ප නායකත්වය විසින් මීගමුව ආසනයේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව දැනුවත් කරන්න යම් වැඩපිලිවෙලක් හදුන්වා දී තිබෙනවා.ඒ වගේම අපි විසින් මීගමුවේ එ.ජා.ප ක්‍රියාකාරීන් විසින් කමිටුවක් පිහිටුවාගෙන ප්‍රචාරණ කටයුතු කරගෙන යනවා.එලෙසම ගම්පහ දිස්තික්නායක පාර්ලිමෙන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පූර්ණ දායකත්වයෙන් මේ කටයුතු සිදුවෙනවා එමෙන්ම පක්ෂ නායකත්වය විසින් මේ වෙද්දී අපිට උපදේශන මට්ටමින් සහයෝගය ලබා දීමට පුත්තලම දිස්ත්‍රික් පාර්ගිමෙන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා ලබාදී තිබෙනවා.ඒ වගේම අපිට ලොකු විශ්වාසයක් තියෙනවා මෙවර පළාත් සභා මැතිවරණයේ මීගමුව ආසනය එ.ජා.පයට ජයගන්න පුළුළුන් කියලා.මොකද අපි පසුගියදා සමීක්ෂණයක් සිදුකලා ආසනයේ ඡන්ද මධ්‍යස්ථාන 64ක් ආශ්‍රිත ගම්මාන වලදී. එහිද ීඅපිට අනාවරණය වුනා එ.ජා.පයට ස්ථීර ඡන්ද 38400ක් අපිට තියෙනවා කියලා. ඒ නිසා මෙවර මීගමුව ජයගන්න අපිට හොද අවස්ථාවක් තියෙනවා.

අවසාන වශයෙන් මීගමුන ආසනයේ ජනතාව වගේම ගම්පහ දිස්ත්‍රික්යේ ජනතාවට ඔබට කියන්න යමක් තියෙනවාද..?

අපට කියන්න තියෙන්නේ විශේෂයෙන්මඉ මීගමුව ජනතාවට මීගමු ජනයට අයිති දේපල මේන විට විවිධ පුද්ගලයින් පෞද්ගලික සුඛවිහරණය වෙනුවෙන් භාවිතා කරනවා නමුත් ඒවා අයිති අපටයි. අපි ඒවා ආරක්ෂා කරගන්න ඕනා. අනෙක තමයි මීගමුවේ අද පවතින විශමාචාර වුන ජීවන ක්‍රමය කුඩු ගංජා ගණිකා මඩම් මේ ක්‍රමය නැතිකරන්න ඕනා. ඒ වගේම දූෂණය වංචාව අල්ලස අවනීතිය රජකරන අසාධාරණ පාලනය මීගමුවෙන් තුරන් කල යුතුයි.මේ කාරණා වලට එරෙහිව මෙවර පලාත් සභාමැතිවරණයේදී ආණ්ඩුවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කල යුතුයි.එමෙන්ම මෙදා ඡන්දය එ.ජා.පයට ලබා දසිය යුතුයි. එමෙන්ම රොයිස් ප්‍රනාන්දු වැනි නැගී එන දේශපාලන නායකයන්ව මුදලට තාන්න මාන්න වලට ගන්න බැරිවුනාම ඔවුන්ට නින්දා කරන ඔවුන්ගේ දේශපාලන ජීව්තය කඩාඉහිරවන්න ආණ්ඩුව විසින් කරන කුමන්ත්‍රණ පරදවන්න නම් මෙදා ආණ්ඩුවට විරුද්ධව එ.ජා.පයට ඔබේ වටිනා ඡන්දය ලබා දෙන්න කියලා ආයාචනා කරනවා.

සංවාද සටහන- තුෂාර රොහාන්