මීගමුව අයබදු ගෙවන්නන්ගේ සංගමයට නව නායකත්වයක් ! ඉදිරියේදි අභියෝග රැසක් !

0
115

dav

( 4.15 am ) මීගමුව අයබදු ගෙවන්නන්ගේ සංගමය නව නායක්තවයක් යටතේ ඉදිරියේ මතුවෙමින් ඇති අභියෝග ජයගැනිම සදහා ප්‍රතිසංවිධාන කටයුතු මේ දිනවල සුදානම් කරගෙන යමින් සිටින බව වාර්ථා වේ.මීගමුවේ දැනට ඉදිරියෙන්ම සිටින ප්‍රබල සමාජ සේවකයෙකු වන වෛද්‍ය ඉයන් මහතාගේ සභාපතිත්වයෙන් යුතු මිගමුව අයබදු ගෙවන්නන්ගේ සංගමයට මීගමුව ශාසනආරක්ෂක මණ්ඩලයේ ප්‍රබලයෙකු වන පියුම්වර්ධන මහතාෙ ලේකම්වරයා ලෙසත් මිගමුවේ ජේෂ්ඨ ව්‍යාපාරිකයෙකු සහ සමාජ සේවකයෙකු වන නිහාල් ප්‍රනාන්දු මහතා භාණ්ඩාගාරිකවරයා ලෙසත් අභිනවයෙන් පත්ව තිබේ.
නාස්තිකාර වියදම්  කිසිදු පාලනයකින් තොරව සිදුකරගෙන යමින් සිටින වත්මන් නගර පාලනය බරපතල මුල්‍ය අර්බුදයක් කරා මේ වන විට මිගමුව මහනගර සභාව රැගෙන යමින් තිබේ.
මේ පසුබිම යටතේ නව නායකත්වයන් යටතේ මිගමුව අයබදු ගෙවන්නන්ගේ සංගමය වෙත පැවරි ඇති අභියෝගය අති සුවිශාලය.