මීගමුව අරාජිකයි ! ධිවරයන් නන්නත්තාරයි ? හැමතැනම පෝලිම්

0
243

VideoCapture 20220317 113303VideoCapture 20220317 113320අන්කවරදාකටවත් වඩා මිගමුවේ තත්වය සැබැවින්ම අර්බුදකාරි වෙමින් තිබේ. මිගමුව පුරා ඇති සියළුම ඉන්ධන පිරවුම් හල් වල දිගු පෝලිම්ය. ඇතැම් ස්ථාන වසා දමා ඇත.
ගෑස් නැති බැවින් භුමිතෙල් ලිප් වලින් ආහාර පිසගැනිමට පවා භුමිතෙල් ලබාගැනිමද වෙනමම අරගලයක් බවට පත්ව තිබේ.
මේ අතර මීගමුවේ ධිවර කර්මාන්තය එහෙම පිටින්ම බිද වැටෙන තත්වයකට ගමන් කරමින් තිබේ.

VideoCapture 20220317 113422VideoCapture 20220317 113404
කුඩා බෝට්ටු වලට මුහුදු යාමට භුමිතෙල් ලබාගැනිම අසීරු වි ඇත.

යාත්‍රා 16 1
එමෙන්ම බහුදින යාත්‍රා විශාල ප්‍රමාණයක් මුහුදු යාමට නොහැකි සිටින්නේ ඩීසල් සපයා ගැනිමට නොහැකිවිම නිසාය.
එපමණක් නොව මාස එකාමාරක් පමණ මුහුදේ  ඉන්නා ඔවුන්ට අවම තරමින් ගෑස් සිලින්ඩර් 4 ක් වත් අවශ්‍ය වන්නේ ආහාර පිස ගැනිම සදහාය.
දැන් මිගමුවේ කොහේවත් ගෑස් ඇත්තේ නැත.

ලංසා
වියරු වැටි සිටින ධිවරයන් නිමල් ලංසාගේ මැනියන්වද මතක් කරන්නට අමතක නොකරන්නේ බැසිල් පැමිණි විට නිමල් ලංසා සහන විශාල ප්‍රමාණයක් ලැබෙන බව පුන පුනා කී බැවිනි.
ලංසාගේ මේ පුරසාරම අනිවාර්යෙන්ම ඔහුටම බේරිමට නොහැකි පාරාවලල්ලක් වි හමාරය.
මිගමුවේ ජනජිවිතය දැන් දැවැන්ත කඩා වැටිමකට ලක්ව තිබියදි  දේශපාලනයෙන් ප්‍රකෝටි ගණන් මුදල් උපයාගෙන ඔ්ස්ට්‍රේලියාවෙත් දේපල මිළට ගත් ලංසා අද පැත්ත පළාතක නැත.
ඡායා- ඒම්.ඉසෙඩ් සහජාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here