මීගමුව අළුතින් ගොඩනගමු.

0
70

මිගමුව අන්ත දුෂිත කළු සල්ලි පාලනයකින් මුදා ගැනිමට ප්‍රගතිශීලි ජනයා දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබුණි.

එයට එරෙහිව කළු සල්ලි හිතුමතේ වැය කරමින් ලංසාල දඟලපු හරිය මිගමුවේ ජනයාට පමණක් නොව ගම්පහ දිස්ත්‍රික්කයේ සෑම ආසනයකම අති බහුතරයක් ජනයා දනී.

දැන් සියල්ල හමාරය.

මිගමුවේ බලය දශක ගණනාවකට පසුව ඉතා පැහැදිලි බලමාරුවකට මුල පුරා තිබේ.

සජබ මීගමු ආසන සංවිධාකයා පවා ලංසා පවුලේ ගජයෙක් මිස ලංසාලට කිසි විටකත් අභියෝගයක් කළ අයෙකු නොවේ.

වෛද්‍ය හෙන්රි රොසාරියෝ දේශපාලනයට ආදා සිටිම ලංසාලගේ විවිධ මර්දන තර්ජන මධ්‍යයේ වුවද කොන්දේසි විරහිතව ලංසා පවුලට අභියෝග කළ අයෙකි.දැන් මිගමුවේ   දේශපාලනය මෙහෙයවන්නේ  ලංසාලා නොව හෙන්රිලා සහ අරුණලාය.

ලංසාලගේ සාද හමාරය. මුන් ඔක්කොම හොරු මල්ලි යැයි කියමින් දේශපාලන පිටියේ හයේ පහරවල් ගැසු රන්ජා  ප්‍රකෝටිපතියන්ගේ දේශපාලනය න්‍යාය පත්‍රයක ඉත්තෙකු බවට පත්ව සියල්ල හමාර කරගෙන ඇත

ජනතාව මේ සියල්ලන්ට එක කතිරයකින් පිළිතුරු දි ඇති සැටියකි.

දැන් ඇත්තේ මිගමුව අළුතින් ගොඩ නැගිමටය..