මීගමුව ආකර්ෂණීය සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරිම සදහා යෝජනාවලියක් ..

0
591

මීගමුව ආකර්ෂණීය සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරිම සදහා යෝජනාවලියක් ..මිගමුවේ සිලෝනිකා බිච් හෝටලයේදි පැවති Negombo Tourist Association වාර්ෂික මහා සභා රැස්වීමේදී සම්මත කර තිබුණ අතර මෙම හමුව පසුගිය 12 වනදා පැවැත්වුණි

එහි ඇතුලත් යෝජනා පහත පරිද්දෙනි



1/ මීගමුව සංචාරක කලාපය ප්‍රතිසංස්කරණය කර, මීගමුව ආකර්ෂණීය සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට ලෝකයට ඒත්තු ගන්වමින්
ප්‍රචලිත කිරීමේ ප්‍රවර්ධන කටයුතු ආරම්භ කිරීම සහ මීගමුව සංචාරක පුරවරයක් ලෙස
ගැසට් කිරීම…
එදා සිටම ගුවන් තොටුපොළ ප්‍රධාන හේතුවක්ව යැපුනු මීගමුව සංචාරක ව්‍යාපාරය, සංචාරකයන්ගේ පළමු රාතිුයට සහ අවසන් රාත්‍රියට පමණක් සීමා වීමට ඉඩ නොදී
Transit destination to experiential destination තත්ත්වයට පත් කර
විදෙස් සංචාරකයන්ව දින කිහිපයක් මීගමුව සංචාරක කලාපය තුළ තුළ රඳවා ගැනීමට
ආකර්ෂණීය වැඩපිළිවෙලක් සැකසීම..


2/ සංචාරක කර්මාන්තකරුවන්ගේ හා ධීවර ප්‍රජාවගේ එකමුතුවක්
ඇති කිරීම මීගමුව නගර සභාව
වෙරළ සංරක්ෂණය සහ පොලිසිය
ඒකාබද්ධව වැඩපිළිවෙළක් ආරම්භ කිරීම..


3/ සංචාරකයන්ට වෙන්වුණු දිය නෑමට සුදුසු, පබ්ලික් සන්බෙඩ් සහිත වෙරල තීරයක් නිර්මාණය කිරීම.. සංචාරක ව්‍යාපාරයට
සුදුසුම වෙරළ තීරයන් හඳුනාගැනීම සහ සංචාරක කලාපය අවට මුහුදු තීරය අනිවාර්යෙන්ම දැඩි ආරක්ෂා සහිතව පිරිසිදුව තබාගැනීම..


4/ මීගමු කලපුව සංචාරක කර්මාන්තයේ මනස්කාන්ත කේන්ද්‍රස්ථානයක් බවට පත් කරමින් boat safari, Game fishing
Bird-watching wildlife සඳහා මීගමු කලපුව ආශ්‍රිත කඩොලාන වනාන්තරය තුළ
ආකර්ෂණීය තැන් හඳුනා ගැනීම..


5/ මුහුදු තීරය අසල ධීවර වෙළඳ සැල් ඉතා පිරිසිදුව ක්‍රමානුකූලව සංචාරකයන්ගේ අප්‍රසාදයට ලක් නොවන අයුරින් professional තත්ත්වයකට uniform සහිතව පත්කිරිම..


6/ ඓතිහාසික ඕලන්ද ඇළ දෙපස
අනවසර පදිංචිකරුවන් ඉවත් කර
ඇළ දෙපස ප්‍රතිසංවර්දනය කර
ඉන්ටලොග් ගල් අල්ලා ඇවිදීමේ මංතීරු සෑදීමටත් විදුලි ලාම්පු ඇල්ලීමටත්, සංචාරක බෝට්ටු ධාවනයට සුදුසු අන්දමින් ඇළ ප්‍රතිසංස්කරණය කිරීමත් නිතර නිතර බිහිවන වල්පැළ ඉවත් කිරීම සහ ඇල හරහා ඇති සියලු පාලම් නවීකරණය කර යම් තේජාන්විත පෙනුමක් ලබාදිම…


7/ ලන්දේසි බලකොටුව කොටුව
ක්‍රීඩාන්ගනය සහ පෞරාණික
වටිනාකමක් ඇති එම අවට ප්‍රදේශයේ ඇති ඉපැරණි ගොඩනැගිලි ප්‍රතිසංවර්ධනය කර
ඓතිහාසික වටිනාකමක් ලබාදීම
විශේෂයෙන්ම දැනට ප්‍රයෝජනයට නොගන්නා කන්ද උඩ උසාවිය
කෞතුකාගාරයක් බවට පත් කර ඒ හරහා මීගමුවට
සුවිශාල ඓතිහාසික වටිනාකමක් ලබාදීම


8/ මීගමුව සංචාරක කර්මාන්තයට රුක්මණි දේවි කලා කේන්ද්‍රය ආදා ගනිමින් සංස්කෘතික අංගයන් එකතු කිරිම.. ඊට යාබදව අක්කර 5ක පමණ බිම් ප්‍රදේශයක දැවැන්ත රැක් වර්ග රැසක් ඇති රාජපක්ෂ උද්‍යානය නවීකරණය කර සංචාරකයන්ට ගිමන් හැරීමට
සුදුසු තැනක් බවට පත් කිරීමත් එහි යම් සංස්කෘතික අංගයන් පැවැත්වීමත් මීගමු සංචාරක කර්මාන්තය පුළුල් කිරිමකි..


9/ ආගමික වන්දනාව සමගින් religious tourism සඳහා මීගමුව නගරය තුළ ඇති ඓතිහාසික වටිනාකමක් ඇති ආගමික සිද්ධස්ථාන ඉස්මතු කර පෙන්වීම විශේෂයෙන්ම ශාන්ත මරියා දෙව් මැදුර, අඟුරුකාරමුල්ල පංසල, සහ හින්දු කොවිල් සමූහය…


10/ මීගමුව සංචාරක කලාපයට අයත් මුහුදු තීරය, කලපුව, ඇළ මාර්ගය සහ අනිකුත් ප්‍රසිද්ධ ස්ථාන
අපවිත්‍ර කරන්නන්ට දඬුවම් දීමේ
ක්‍රමවේදයක් සකස් කිරීම


11/ ත්‍රී රෝද රථ කුලී රථ මගින් සංචාරකයන්ට වන හිරිහැර අවම කිරීම සහ සංචාරක කුලී ත්‍රිරෝද රථ රියදුරන් දැනුවත් කිරීම


12/ වීදි ලාම්පු පද්ධතිය ශක්තිමත් කර CCTV කැමරා ජාලයක්
සවිකර සංචාරකයන් මංකොල්ල කෑම ඇතුළු නොයෙකුත් අපරාධ
නැවැත්වීම..
කාලෙන් කාලෙට සංචාරක හෝටලයෙන් හෝටලයට
මාරුවී රැකියා කරන, තමා සේවය කරන ස්ථානයේම සංචාරකයන්ව ඉතා උපක්‍රමශීලී මංකොල්ල කන
වංවාකාර සේවකයන්ව කොටුකර ගැනීමේ ක්‍රමවේදයක් ඇති කර ගැනීම…
යන කරුණු මෙම යෝජනාවලිට ඇතුලත් වි තිබේ