ඩෙංගු බෝ කලාට මීගමුව උසාවියට නඩු ..?

0
209

dengueමීගමුව මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකයන් විසින් මීගමුව උසාවි පරිශ්‍රය තුල පසුගිය දිනවල සිදුකරනු ලැබු විමර්ශන වලදි හෙළිව තිබුෙන් උසාවියේ නඩු භාණ්ඩ ලෙසින් තබා ඇති බැරල් ඇතුළු අනෙකුත් උපකරණ අස්සේ දහස් ගණනින් ඩෙංගු කීටයන් සිටින බවය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් නගරාධිපතිවරයා පවසා සිටියේ මීගමුවේ බොහොමයක් රාජ්‍ය අායතන වල තත්වය මෙය බවය.
ඒ සියල්ල පිලිබදව පුළුල් විමර්ශනයක් කිරිමට සැලසුම් කර ඇති බවද පවසා සිටියේය.
දැනට ක්‍රියාත්මක නිතියට අනුව ඩෙංගු කිටයන් අසුවුවහෝත් දඩයක් ගෙවිමට සිදුවේ.මීගමුව උසාවියට අදාලව මේ දඩය ක්‍රියාත්මක වේදැයි අප බලාසිටින්නෙමු.
එමෙන්ම මහේස්ත්‍රාත්තුමාගේ පුතෙකුද දැනට ඩෙංගු රෝගයෙන් පෙළෙන බව සැලය.