මීගමුව වත්මන් එජාප සංවිධායක රොයිස් විජිත මහතාට එරෙහිව අධිකරණයේ විභාග වෙමින් තිබු නඩුවෙන් නිතිපතිගේ නියමයෙන් නිදොස් කොට නිදහස් කර ඇතැයි වාර්ථා වේ.
මීගමුව මහනගර සභාවේ විපක්ෂනායක ලෙසින් කටයුතු කරමින් සිටියද අධිකරණමය ක්රියාමාර්ගයක් තුලින් නිදහස් වන තෙක් එකි ධුරය තාවකාලිකව අත්හිටවනු ලැබු අතර ඒ අනුව වැඩ බලන විපක්ෂ නායකධුරය එජාප ජේෂ්ඨ නාගරික මන්ත්රිවරයෙකු වු කැලිසන් ජයකොඩි මහතා වෙත හිමිවිය.
යළිත් විපක්ෂ නායකධුරය තමාට හිමිවන්නේදැයි අප නැගු පැනයට පිළිතුරු දෙමින් රොයිස් විජිත මහතා පවසා සිටියේ එය පක්ෂයේ නායකත්වය විසින් ගත යුතු තින්දුවක් බවය.එල්ල වි තිබු චෝදනා වලින් තමන් මුළු මනින්ම නිදහස් කර තිබෙන නිසා ඒ සම්බන්ධයෙන් සාධාරණ තින්දුවක් පක්ෂය විසින් ගනු ඇතැයි තමන් විශ්වාස කරන බව පවසා සිටියේය.