මීගමුව එජාප සංවිධායක රොයිස් විජිත ආණ්ඩුවට යයිද ??

0
58

roies 2

මීගමුව එජාප සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත මහතා වෙත ඊයේ අධිකරණය විසින් ඇප ලබා දි තිබුණද ඒ ඇප කොන්දේසි ඉටුකරගැනිමට ඇති අභියෝග හේතුවෙන් කවදා නම් එලියට පැමිණිය හැකිවේදැයි තවමත් අවිනිශ්චිත බව මීගමුවේ එජාප ක්‍රියාකාරිකයෙකු මීපුර වෙබ් අඩවියට පවසා ස සිටියේය.
එකි ක්‍රියාකාරින් විසින් දැනටමත් රු දශ ලක්ෂයයේ ඇපය ගෙවිම සදහා මුදල් එකතු කරමින් තිබුනද ඒහි වන බරපතලම ඇප කොන්දේසිය වු රු කෝටියේ බැංකු ඇපකරය පිලිබදව තවමත් වැඩ පිළිවෙලක් නැති බව හෙළිවිය.
මෙතෙක් කල් පමා කරමින් තිබුණ ඇප ලබාදිම මේ දිනවල ම සිදුවුයේ ඇයිද යන්න ගැනද විවිධ මතපළවෙමින් තිබේ.මේ සියල්ල අතරේ මේ දිනවල වේගයෙන්ම පැතිර යමින් ඇති ආරංචිය වන්නේ රොයිස් විජිත ආණ්ඩුවට යෑමේ සුදානම් ඇති බ ව කියැවෙන පුවතයි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතරු දුන් එජාප නාගරික මන්ත්‍රි ගිහාන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ තම සංවිධාකයා මේ පැතිර යන ආරංචිය සම්බන්ධයෙන් සමස්ථ නාගරික මන්ත්‍රි මණ්ඩලයම දැනුවත් කරමින් පවසා ඇත්තේ කිසිසෙත් ආණ්ඩුවට නොයන බවය. එමෙන්ම ඇප කොන්දේසි සපුරාගැනිම වෙනුවෙන් සාමුහිකව වැඩපිළිවෙලක් ගොඩනැගිය යුතු බවද රොයිස් විජිත මහතා තමන් ඇතුළු නාගරික මන්ත්‍රි මණ්ඩලය දැනුවත් කර ඇතැයිද  ගිහාන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේය.