මීගමුව එදා සහ අද …..

0
965

මීගමුව නගරය අනාගතයේ දී කෙබඳුද?

මේ ගැන සිතා බැලීමේ දී එදා මීගමුව තිබුන සැටි අද මීගමුව තිඛෙන සැටි සැසදීමෙන් හෙට මීගමුව කෙසේ වේදැයි අපට පැහැදිලි දසුනක් මවාගත හැක. මීගමුවේ එදා මෙදා තොරතුරු සංග්‍රහයක් මගින් මේ උත්සාහ කරන්නේ හෙට මීගමුව දෙස බැලීමට හැකි කවුළුවක් නිර්මාණය කිරීමටය.

මීගමුව පිළිබඳව ප්‍රධාන ශීර්ෂ 12 ක් යටතේ තොරතුරු ගොනුකරමින් මීගමුවේ සමාජ ආර්ථීක හා සංස්කෘතික විකාශනය පිළිබඳව කතන්තරයක පෙරවදනක් අපට එළිදැක්විය හැක. මීගමුව ජන සමාජය දෙස සමීපව බලා එහි වෙනස්කම් ඉගෙන ගැනීමට කැමති අයෙකුට ඉතා පුළුල් අධ්‍යානයකට යාමේ අවස්ථාව මෙමගින් ලැඛෙනු ඇත.

එදා මීගමුව (ක්‍රි.. 543 සිට ක්‍රි.. 1412 දක්වා)

මීගමුව හැදින්වීම

පිහිටීම

උතුරු අළුත්කුරු කෝරළේ දූනගහපත්තුවේ පිහිටි මීගොමුව සත් කෝරළයේ නුවරක් ලෙස හැදින්වේ. උත්තර අක්ෂාංශ 7.04 සහ 7.19 1/2 නැගෙනහිර දේශාන්තර 79 49 සහ 79 55 මායිම් වන භූගෝලීය ප්‍රදේශය මීගොමුව පිහිටා ඇත.

(ගලේ සිතියම 1965 මී.දෙ.)

මීගොමුවේ ඉතිහාසය

නෑර මුවේ කියන පියලිය රසකොට

ගීල මුවේ පුරමින් සවන කැරුතුට

චාගමුවේ ගත් ගොදුරට ලොබනොකොට

මීගොමුවේ ගෙමුවෝ සිටිති හැම විට

(කෝකිල සංදේශයේ 176 වෙනි කවිය)

ගැමි සුන්දරත්වයෙන් පිරුණු මනහර ගම් පියසක්ව තිබූ මීගොමුවේ සෑහෙන ජනගහනයක් වාසය කල ප්‍රදේශයක් බවද මෙම විස්තරයෙන් හැග වේ. (සමරු කළඹ 86-02-02 බෝලවලාන 545)

පිහිටීම (මීගොමුව තොටුපල් වීම)

මීගමුව වෙරළ ප්‍රදේශ කඩතොළු වලින් හිගය. කඩතොළු සහිත එකම ස්ථානය ඇත්තේ කළපුව, මුහුද යාවෙන මෝය අසලය. මුහුද අතර නෙරාගිය කඩතොළු බිම් පෙදෙස තොටුපල වශයෙන් පුරාණයේ විදේශික මුහුදු කොල්ලකරුවන් ලවා භාවිතා කොට ඇත.

ග්‍රීක හා රෝම නැවියන් මීගමු මූදූ බොක්ක වරායක් ලෙස භාව්තා කර ඇති බව ක්‍රි..127-161 දී ඇලෙක්සැන්ඩි්‍රයාවේ විසූ සුප්‍රකට ගණිතඥයා වන ටොලමිගේ සිතියම පරසෝඩෙක් මුහුදු බොක්ක ලෙස හදුන්වන්නට ඇත්තේ මීගොමුවය.

මීගොමුව ප්‍රදේශයේ ආගම්

මීගොමුව ජල මාර්ග බොහෝමයක් ඒකරාශී වූ ප්‍රදේශයක් වේ. යාග බිලි පූජා ආදී ආගමික කටයුතු සදහා මෙම ප්‍රදේශයේ ගංගා ඇළ මාර්ග අසල විවිධ ස්ථාන යොදා ගෙන ඇත. උදා: කාමාච්චීඕඩය

මීගොමුවේ ධීවරයා සහ ධීවර කර්මාන්තය

ධීවර පරිසරය

ජල රුහ පරිසර පද්ධතියේ අංගයක් වන මුහුද මුහුදු වෙරළ වඩදිය බාදිය කළපුව හා කළපු මෝය කළපු දූපත් පෙදපාසි කඩොලාන වගුරු බිම් වැලි වැටි ගං`ගා හා ගං`ගා මෝය ඇළ මාර්ග යන සෑම අංගයකින් ද විවිධ වර්ගයේ මසුන්, ඉස්සන්, කකුළුවන්, ඛෙල්ලන් හා මුහුදු බඩ කුරුළු ආදීන්ගෙන් සමන්විත ජෛව ලෝකයකින්ද මීගොමුවේ පරිසර පද්ධතිය සමන්විත වේ.

මීගොමුවේ ස්වාභාවික සම්පත් හා කර්මාන්ත

ස්වාභාවික වෘක්ෂලතා

ලංකාවේ ස්වාභාවික වෘක්ෂලතා කලාප අනුව බලන විට මීගොමුව ප්‍රදේශය උෂ්ණ තෙත් වනාන්තර වලින් යුත් කලාපයකි. ස්වාභාවික වෘක්ෂලතා වර්ග ලෙස මී ගස් වලින් වනාන්තර තිබු බව කියවේ.

මීගොමුවේ ජනාවාස වීම

මුල්ම පදිංචිකරුවෝ

ක්‍රි.පූ. පළමුවන සියවස වනවිට මීගොමුව ප්‍රදේශයේ ජනාවාස බවට පත් වී ඇත. නමුත් මේ කාලයේ සිදු වූ ජනාවාසවිම් හා එහි නිරිමාතෘවරුන් කවුරුද යන්න හදුනා ගැනීම මෙතෙක් සිදු වී නැත.

මීගොමුවේ වෙළද හා වාණිජ කටයුතු ශ්‍රී ලංකාවේ රජවරු විදේශ වෙළදාමෙන් තම ආර්ථීක කටයුතු නැංවිමට උනන්දුවක් නොදැක් වූහ. ග්‍රීක, රෝම, අරාබි, ප්‍රංශ, පෘතුගීසි, ලන්දේසි, ස්පාඤ්ඤ, ඉංග්‍රීසි යන විවිධ ජාතීන් එක් එක් කාලවලදී වෙළදාම පිණිස ඉන්දියන් සාගරය තරණය කරමින් ශ්‍රී ලංකාවට පිවිසියේය. ඔවුන්ගේ මුහුදු ගමන් වලදී වරාය පහසුකම් තිබූ බොහෝ තැන්වල ඔවුහු නැංගුරම් ලුහ. මීගොමුවද එලෙසින් වෙළදාමේ හා වරාය පහසුකම් අතින් විවිධ ජාතීන්ට ප්‍රයෝජනවත් විය.

මීගොමුව නගරයේ පොදු පහසුකම්

ගොඩ බිමි මාර්ග

වරාය කේන්ද්‍ර කරගෙන දිශාවන් හතරකින් වැලි පාරවල් කීපයක්ම සෑදී ඇත. උතුරින් වැල්ලවීදිය හා පෙරියමුල්ල වීදිය, නැගෙනහිරින් මහ හුණුපිටියවීදිය කොලොන්මහවීදිය, ගිණිකොනින් කුරණ බෝලවලානවීදිය , දකුණින් දූව පිටිපනවීදිය. මෙම මාර්ග වල ගමන් කලේ බඩු පටවාගත් ගැල්, අලි ඇතුන් හා වෙළදාමේ ගිය මිනිසුන්ය.

මීගොමුවේ කලා ඉතිහාසය

ආදීම යුගය සමාජ කලා කටයුතු

ක්‍රි.. 1400 වන විට මෙම ප්‍රදේශයේ තිබු සමාජ කලා කටයුතු මොනවාද ? ඒවායේ යෙදුන පුද්ගලයන් කවුරුද කියා සෙවීමට ඇත. පහතරට නැටුම් හා ගී මඩු ඇතුළු පුද පූජා සදහා කෙරෙන ශාන්තිකර්ම මෙම ප්‍රදේශ වල තිබූ සමාජ කලා කටයුතු ලෙස නම් කළ හැක.

මීගොමු ජනතාව හා ජනතා සංවිධාන

රටට ප්‍රදේශයට හා ජනතාවට සේවයක් කළ මීගොමු පුද්ගලයන් වශයෙන් නම් කළ හැකි ක්‍රි..1400 වන විට ඈත අතීතයේ විසූවන් කවුරුද කියා සෙවීම කළ යුතුව ඇත.

මීගොමුව පුරාවිද්‍යාත්මක තොරතුරු එකතුව

ඓතිහාසික මූලාශ්‍රයෝ කෝකිල සංදේශය

කාලය ක්‍රි..1440 – 1446 කෝට්ටේ යුගයේ දී ලියැවී ඇත.

ලේඛකයා දෙව් නුවර තිලක පිරිවෙන්හි අධිපතිව වැඩසිටි ස්ථවිරයන් වහන්සේ කෙනෙකි.

මීගොමුවට අදාල එහි වැදගත්කම : මාර්ග පහසුවද ගමනාගමන පහසුවද හි`ග වූ කාලයක දෙවිනුවර වැඩ විසූහිමිනමක විසින් පවා දැන හ`දුනාගන්නට තරම් වූ මනා ප්‍රසිද්ධියක් මීගොමුවේ තිබී ඇති බව කෝකිල සංදේශයේ 176 වෙනි කවියේ විස්තරයෙන් පෙනේ.