මීගමුව, කට්ටුව දෙපා ඇල ප්‍රදේශයේ ජලගැලීම් තත්ත්වයක්

0
161


දුම්රිය ද්විත්ව මාර්ග ව්‍යාපෘතියක් හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මගින් මීගමුව, කට්ටුව ප්‍රදේශයේ දෙපා ඇල හරහා ඉදිකර ඇති පාලම නිසා අවහිර කළ ස්ථානයේ  ජලය බැසයාම පසුගිය දිනවල දී මීගමුව මහා නගර සභාවේ අවදානයට සහ නිරීක්ෂනයට ලක් විය.  ඒ අනුව එම ස්ථානයේ  නිසි ලෙස ජලය බැස යාමට  බාධා වන ලෙස යොදා තිබු තහඩු සහ වැලි කොට්ට ආදිය  තාවකාලිකව ඉවත් කරන ලදී.
එලෙස ජලය බැස යාමට බාධක ලෙස යොදා තිබූ තහඩු හා වැලි කොට්ට  තාවකාලිකව එම ස්ථානයෙන් ඉවත් කළද නැවතත් එම ස්ථානය දැඩි ලෙස අවහිර වන ලෙස ඉදිකර ඇති එම පාලම නිසා ක්‍රමවත්ව ජලය බැසයාම  සිදු නොවන තත්ත්වයක් ඇති වී තිබේ.
ඒ හේතුවෙන් මීගමුව මහා නගර සභාවට ද විශාල පිරිවැයක් දැරීමට සිදුවන අතර ඒ අවට ප්‍රදේශයේ ඇති නිවාස වලට ද  සුළු වර්ෂාපතනයක් ඇති වන  අවස්ථාවලදී  පවා නිරන්තරයෙ ජල ගැලීම් තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවේ. මෙම තත්ත්වයට ඉක්මනින් සහ ස්ථිරසාර විසඳුම් ලබා දෙන මෙන්  කට්ටුව, දෙපා ඇල සමීපයේ වෙසෙන ප්‍රදේශවාසීන්  වගකිව යුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි..

මීගමුව, කට්ටුවේ දෙපා ඇල ප්‍රදේශයේ, ප්‍රදේශවාසීන් වෙනුවෙන්.

ප්‍රවීන් අල්මේදා