

මීගමුව කලපුවේ රොන්මඩ ඉවත් කිරිමට යැයි කියා ක්‍රියාත්මක වු ව්‍යාපෘතියක වැලි විශාල ප්‍රමාණයක් පසුගිය කාලය තුල මිගමුව තලාහේන මාතෘ සායන භුමිය තුල තැන්පත් කර තිබුණි.
එම වැලි පොදු ප්‍රයෝජනය ස ඳහා පමණක් ලබාදිමටද එහිදි එකඟතාවයක් තිබුණ බවද එදා කියැවිණි.
කලපුවේ වැලි මිගමුවේ දුව ගම තුල සිදුවෙමින් තිබුන වෙරළ ඛාදනයට පිළියමක් ලෙසින් දූව ග්‍රාමයේ තැන් කිපයකට යෙදිමට ඒවා ලබා දෙන ලෙස එදා ධිවර සංවිධාන නියෝජිතයන් විසින්ද ඉල්ලා තිබුණි.
කෙසේ වෙතත පසුගිය කාලය තුල වරින් වර විවිධ දේශපාලන මැදිහත්විම් මත මෙම වැලි පුද්ගලිකව අලෙවි කිරිමට පියවර ගෙන තිබුණ බවටද චෝදනා එල්ල විය.
මේ අතර ඊයේ දිනයේ වාර්තා වුයේ මිගමුව මහනගර සභාව නියොජනය කරන තලාහේන පෙරුවේ මන්ත්‍රිවරයෙකුගේ මුලිකත්වයෙන් පසුගිය දිනවල තලාහේන ප්‍රදේශයේම පුද්ගලික ස්ථාන කිපයකට මේ වැලි විකුණා ඇති බවය.
වැලි කියුබ් 30 කට ආසන්න ප්‍රමාණයක් මේ අනුව අයථා ලෙසින් පිටට අලෙවි කර තිබේ.මෙම ජාවාරම සඳහා මිගමුව මහනගර සභාවට අයත් ටිෆර් රථ 2 ක් සහ බැකෝ යන්ත්‍රයක්ද භාවිතා කර ඇතැයිද වාර්තා වේ
මේ පිළිබඳව අදාල රාජ්‍ය නිළධාරින් කඩිමනමින් විමර්ශනය කළ යුතුව තිබේ


