මීගමුව කලපුව දැන් අයිති ගුරුගේලාට????

0
89
දැන් මේ ජැටිය අයිති ගුරුගේටද ?

දැනට  කලකට ඉහතදි ඉතා අලංකාර අන්දමෙන් සැකසෙමින් තිබුණ  මීගමුව කලපුව ආසන්නයේම වන ජැටියකි. හැමිල්ටන් ඇල සංවර්ධන ව්‍යපෘතියට අනුබද්ධිතව ජයිකා ජපන් ආධාර යටතේ මෙය  ක්‍රියාත්මක බැව් පැවසෙන දැන්වීම් පුවරුවක්ද  ඒ සමිපයේම විය.
මෙය විදේශිය ආධාර මත ගොඩනැගුණ ව්‍යාපෘතියේ පාලනය මීගමුව මහනගර විසින් පාලනය කරනු ලබන බවක් පෙනුනි.
එහෙත් මේ සියළු ආයෝජනයන්ගේ ප්‍රතිලාභයන් මීගමුවේ එක් ප්‍රබල ව්‍යාපාරිකයෙකු විසින් භුක්තිවිදිමට නියමිත බව අප මීට වසර කිපයකට ඉහතදි මීගමුවේ ජනතාව වෙත හෙළිකර සිටියෙමු.

අපි විසින් දිගින් දිගටම හෙළිකරමින් සිටි මේ සත්‍යය වසන් කිරිම සදහා වරක් මීගමුව නගරාධිපතිවරායා විසින් දැන්විම් පුවරුවක් පවා සවිකරමින් මෙම ස්ථානය ධීවරයන්ගේ තොටුපළක් සහ ජැටියක් යැයි ජනතාව ඉදිරියේ සපථ කර සිටියේය.එයට අනුව මෙය කට්ටුදැල් ධීවරයන්ගේ ඔරු නැවත්විමේ තොටුපළකි.කිසිදු පුදගලික ව්‍යාපාරිකයෙකුගේ  දේපොලක් නොවේ.
මීගමුව නගරාධිපතිවරයා මෙසේ විශේෂයෙන්ම දැන්විමක් පළ කරන්නේ ඇයි ?
සමාන්‍යයෙන් අපේ දේපලක් තර්ජනයකට ලක්ව ඇත්නම්  තර්ජනයට ලක්විමේ අවධානයමක් ඇත්තේ නම්  එහි අයිතිකරුයන් සිය අයිතිය යළි තහවුරු කර සනාථ කිරිම සදහා මෙසේ විශේෂිත දැන්විම් පළ කරති.
එහෙත්  දැන් ඒ සියල්ල බොරුවක් බවට දැන් පත්ව හමාරය.
අපි එදා කි කථාව දැන් ඇස් පනාපිටම සනාථ වෙන්නට පටන්ගෙනය.
දැනට මෙහි ගුරුගේ නම් ව්‍යාපාරිකයා සංචාරකයන් සදහා සුපිරි බෝට්ටු සේවාවක් පවත්වාගෙන යන අතර මේ සේවාව සදහා ප්‍රවේශපත් නිකුත් කිරිමට දැකුම්කළු කාර්යාලයක් මෙහි තනා ඇත.
ඒ අනුව මෙය කාගේ දේපලක්ද??මේ දේපොල ගුරුගේ විසින් දැනට සිය ව්‍යාපාරික කටයුතු සදහා යොදාගනු ලබන්නේ නගර සභාවේ අවසරකින් තොරවද?
එසේ නම් එවැනි අවසරයක් ලබාගෙන ඇත්තේ කවදාද?
මේය කට්ටුදැල් ධීවරයන්ගේ  තොටුපල නම් එය ව්‍යාපාරිකයෙක් හට පරිහරණයට ඉඩ දි ඇත්තේ කට්ටු දැල් ධීවර සමිතියේ  දැනුවත් භාවය මතද?
මීගමුවේ සියළු විදේශාධාර ව්‍යාපෘතිවන්ගේ ප්‍රතිලාභ ලබන්නේ පුද්ගලයන් පිරිසක් විසිනි.
මේ සදහා නිදහසුන් කිපයක් පමණක් සපයන්නේ නම් TRIP නම් ව්‍යාපෘතිය විසින් ලක්ෂ 450ක් වැය කරමින් තැනු කොටුව පිට්ටනිය අසල තැනු මාළු වෙළද පොල දැන් අයිති වැල්ල විදිය පල්ලිය යැයි පැවසුවද එහි ඇත්ත භුක්තිය විදින්නේ ඇමති නිමල් ලංසාගේ පියා විසිනි.
එමෙන්ම මීගමුවේ බිච් පාක්හි බස්නාහිර පළාත් සභා වියදමින් අභිනවයෙන් ඉදි වු water Park එකේ භුක්තිකරු වන්නේද ඇමති නිමල් ලංසාගේ පියාය.

 

කලපුවේ දුපත් ව්‍යාපාරිකයන්ට අයිතිකර දිමට එරෙහිව වු විරෝධය
දැන් මේ ජැටිය අයිති ගුරුගේටද ?