මීගමුව කලපුව රක්ෂිතයක් කරනවාට මීගමුවේ ආණ්ඩු පක්ෂය අකමැතිද?

0
849

මීගමුව කලපුව රක්ෂිතයක් කිරිම පිළිබද යෝජනාවක් මෙවර මහ සභාවට ඉදිරිපත් කිරිමට එජාප නාගරික මන්ත්‍රි වෛද්‍ය හෙන්රි රොසයිරෝ කටයුතු කළ අවස්ථාවේ එය මෙවර නගර සභා න්‍යාය පත්‍රයට ඇතුළත් කරගැනිමට වැඩබලන නගරාධිපති එම්. සකාවුල්ලා එතරම් උනන්දුවක් දක්වා නැතැයි සැලය.
නගරයේ පමණක් නොව මීගමුවේ කලපුවේද පැවැත්වමට ඉතා තිරාණාත්මක ලෙසින් බලපාන කඩොලාන පරිසරිය රැකගැනිම සම්බන්ධයෙන් කිසිදු උනන්දුවක් දක්වනවා වෙනුවට ඔවුන් පසුගිය කාලය පුරාම කටයුතු කලේ සංවර්ධනයේ නාමයෙන් යැයි කියා කෙසේ හෝ කඩොලාන පරිසරය විනාශ කිරිමටය.