පවතින පාලනය විසින් සෙවන්හිල් නමැති සමාගම වෙත මේ කුණු ඉවත් කිරිම භාර දි තිබුනද මේ ටෙන්ඩර් කරුවන් විසින් අදාල ප්‍රමිතින් සපුරාලමින් ඒ කුණු බැහැර කිරිම සිදුකරන්නේ නැත.
මේ නිසා අවට ප්‍රදේශයේ මැසිමදුරුවන් පමණක් නොව දරාගත නොහැකි දුගදක්ද හමන බව ප්‍රදේශවාසි හු පවසති.
මේ ප්‍රශ්ණය ගැන මීපුර වෙබ් අඩිවිය විසින් මීගමුව නාගරික කොමසාරිස් වරයාගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු අවශ්‍ය විස්තර කියන්න මැලිවුවා පමණක් නොව අප විසින් නිසි ගරුත්වය ලබාදි අසන ලද ප්‍රශ්ණ වලට පිළිතුරු දුන්නේ නුරුස්සනා ලෙසිනි.
මාධ්‍යවේදින් විසින් ඉල්ලා සිටි තොරතුරු දැනගැනිමේ අයිතිය තවත් දින 96 ක් තුල ලැබිමට නියමිතය.
රාජ්‍ය නිළධාරින් විසින් මාධ්‍යවේදින්ට පාට් දැමිමේ යගය හමාර වෙනු ඇත.