මීගමුව, කොට්ඨාස වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මුණසිංහ හේවා රෝහණ අජිත් කුමාර යන අයව අද (2024/11/29) දින, දහවලේ දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වාර්තා වන පරිදි මෙලෙස අත්අඩංගුවට පත් ස්ථානාධිපතිවරයා ,කූලී පදනම මත ලබාගත් කාර් රථයක් උකස් කිරීම සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් පිළිබඳව සිදුකරන ලද පැමිණිල්ලක් විමර්ශනය කර විභාගකර දීම වෙනුවෙන් සහ එම කාර් රථයේ හිමිකරුට අධිකරණය මගින් අදාළ කාර් රථය නිදහස් කර ගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු කරදීමට රු 270,000 ක් වටිනා වායුසමීකරණ යන්ත්‍රයක් අල්ලස් වශයෙන් ලබා දෙන ලෙස ඉල්ලා තිබේ. ඒ අනුව එකී මුදල වායු සමීකරණ වෙළෙඳ සැලේ කළමණාකරුගේ ගිණුමට බැර කරන ලෙසද අත්අඩංගුවට පත් ස්ථානාධිපතිවරයා ,කාර් රථයේ හිමිකරුගෙන් ඉල්ලා තිබේ. එම චෝදනාව මත මීගමුව කොට්ඨාස වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කල ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාව මෙලෙස කොළඹ, අල්ලස් හෝ දුෂණ විමර්ශන කාර්යංශයේ කණ්ඩායමක් මගින් මීගමුව කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාවද දැනුවත් කරමින් අද දින අත්අඩංගුවට ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.