මීගමුව කොළඹ අධිවේගි බස්වල හිටගෙන යන්න මගීන් ගැනිමට අවසර දුන්නේ කව්ද ?

0
57
dav

dav

(පළමු සංස්කරණය 8.00pm)මීගමුව කොළඹ අධිවේගි මාර්ගයේ බස්රථවලට 18 කණුවෙන් හිටගෙන යෑම සදහා මගින් පටවා ගැනිම දැන් සෑම බස් රථයකටම පුරුද්දක් වි තිබේ.
මේ හේතුව නිසා පහසුවෙන් කොළඹ යෑමට රු 130 ක් ගෙවා බස්රථයට මීගමුවෙන් ගොඩවෙන මගිහු දුෂ්කරතා රැසකට මුහුණ දෙති.
බොහෝ බස්රථ 18 කණුවෙන් මගින් 5 දෙනෙකු පමණ ඇතැම් අවස්ථාවල නංවා ගනි.මේ අයගෙන පිරිසකට කෙසේ හෝ  ඉදගන්නා ලෙස  කොන්දොස්තරවරයා ඉල්ලා සිටි.
මේ නිසා බස් රථයේ ඉදිරි පෙල අසුන් ගෙන ඇති අය මහත්සේ අපහසුවට පත්වෙති.
මෙහිදි වඩාත් අපහසුවට පත්වන්නේ ඒ අසුන් වල වාඩිවි යන කාන්තාවන්ය.මේ කාන්තාවන්ට සිය පාදයන් තබාගන්නට සිදුව අැත්තේ තමන් දෙසට හැරි ඇන්ජින් පෙට්ටිය මත වාඩිගෙන සිටින පිරිමියෙකුගේ කකුල් සමිපයේමය.
මේ පිළිබදව අප කළ විමසිම් වලදි ඇතැම් බස් රථ හිමියන් කියා සිටියේ රියදුරාගේ සහ කොන්දොස්තරවරයාගේ කෑම සහ තේ වියදම පියවාගැනිම සදහා මේ මෙසේ හම්බකරන අමතර මුදල යොදචා ගන්නට ඉඩ දි ඇති බවය.
අධිවේගි මගේ පොලිසිය මේ වෙනුවෙන් කඩිනම් පියවර ගතයුතුව තිබේ.
මේ බොහොමයක් බස් රථ මගින්ට ටිකට් පතක් පවා ලබාදෙන්නේ නැත.