මහනගර සභා ඇතුළු පළාත් පාලන ආයතන 23 ක නිල කාලය අදින් (30) අවසන් වන අතර ඒ අනුව එ්වායේ නිල කාලය තවදුරටත් දීර්ඝ නොකර එහි පාලන කටයුතු විශේෂ කොමසාරිස්වරුන් යටතට පත් කෙරෙනු ඇති බව වාර්තා වේ.
දිවයින පුරා පළාත් පාලන ආයතන 336 ක් අතරින් 313 කම නිල කාලය මේ වන විට අවසන් වී ඇත.
අදින් නිල කාලය අවසන් වන පළාත් පාලන ආයතන අතර ප්රාදේශීය සභා 5 ක්, එක් නගර සභාවක් සහ මහනගර සභා 17 ක් වේ.
ඒ අනුව, කොළඹ, ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ, දෙහිවල – ගල්කිස්ස, මොරටුව, ගම්පහ, මීගමුව, කුරුණෑගල, මහනුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල සහ රත්නපුර යන මහනගර සභාවල නිල කාලයද අදින් අවසන් වේ. ඊට අමතරව අනුරාධපුර, කල්මුනේ, ගාල්ල, මාතර සහ හම්බන්තොට යන මහ නගර සභා ද ඊට අයත්ය.
කොලොන්නාව නගර සභාවේ නිල කාලයද අදින් අවසන් වේ.
කොටිකාවත්ත මුල්ලේරියාව, කුණ්ඩසාලේ, කඩවත් සතර, ගඟවට කෝරලේ, සූරියවැව සහ හම්බන්තොට යන ප්රාදේශීය සභා වල නිල කාලයද අදින් අවසන් වනු ඇත.
www.srilankamirror.com