මීගමුව ගඳගැස්සුවේ කව්ද ?

0
308

පසුගිය දිනවල ජාතික මාධ්‍ය කිපයක් විසින්ම සුන්දර මිගමුව වැල්ල කරවල වාඩියක් බවට පත්ව තිබිම ගැන පළකර තිබුණි.
සැබැවින්ම ඒදා පැවැති සුන්දර මිගමුව වැල්ල අද මාළු කඩයක් බවටත් කරවල වාඩියක් බවටත් පත්කර තිබුනේ සිය ඡන්ද උවමනාවන් නිසා පටු අන්දමින් කටයුතු කරන මිගමුවේ ප්‍රධානතම දේශපාලන පවුල විසිනි.
සැබැවැන්ම මිගමුවම ගඳ ගස්සන තැනට තැන් කටයුතු සිදුවෙමින් ඇත්තේද ඒ නරුම දේශපාලනය නිසාවෙනි.


මිගමුව වෙරළේ සිය ඥාතින්ට හම්බකරගැනිම සදහා අනවසර හෝටල් ඉදිකළේය.
එපමණක් නොව නිතිමය වශයෙන් කිසිදු අවසරයක් නොමැතිව වුවද පිහිණුම් තාටාකයක්ද ඉදිකිරිමට මේ පවුල කටයුතු කර තිබුණි.
2007 වසරේදි මිගමුව කඩොල් කැලේ අක්කර 8 ක් කපා විනාශ කිරිමට මුල්ව තිබුණේද මේ පවුලය.


එපමණක් නොව ගමකට යන පාරක් වසා දමා තවමත් විවෘත කරගැනිමට නොහැකිව ඇති සමෘද්ධි වෙළද පොල කාම්චෝඩේ ඉදිකරන ලද්දේ මේ පවුල විසිනි.

ගමට යනපාර වසා හැදු කාමච්චෝඩේ වෙළද සංකීර්ණය තවමත් සුදු අලියෙක්?


මිගමුවේ ඉපැරණි වටිනාකමක්ද සහිත නම ගිය වෙළද සංකිර්ණ කඩා දමා දැන් එහි රථගාල් සදහා බදු දි ඇත්තේද වෙනින් කව්රුත් නොව මේ පවුල විසින්මය.
මිගමුවේ ක්‍රිඩා පිට්ටනි සිය හිතවතුන්ට මුදල් හම්බකරගැනිමට ලබා දි ඇත්තේද මේ පවුල විසින්මය.
සැබැවින්ම මිගමුව එහෙම පිටින්ට රටක් හමුවේ ගඳ ගස්සන තත්වයකට පත්කර ඇත්තේද මේ පවුල විසින්මය.
තමන්ගේ ඉගෙන ගත් පාසැල යැයි කියා කිසිදුක නිතියකට යටත් නැතිව මහජන දේපලක් එහි ආදි ශිෂ්‍ය සංගමයට පවරා දි ඇත්තේද මේ අය විසින්මය.
ඉතින් අපට අසන්නට ඇත්තේ සැබැවින්ම මේ පවුලේ අය අනික් අයට පිස්සු යැයි කියා ඇඟිල්ල දිගුකරද්දි තමන් වෙතට දිගුව ඇති ඇඟිල තුන ගැන අමතකදැයි කියාය.
රටේම ජනයා දැන් ඇසිය යුත්තේ ඇත්තෙන්ම කාටද පිස්සු යැයි කියාය