මීගමුව චිකාගෝවක් ?මහදවල් නගරය මැද ගැබ්ගත් එළදෙනක් උස්සලා…

0
402

CowsandKidsJanuary2010184ඇමැති නිමල් ලංසා මීගමුව චිකාගෝවටත් එහා යැයි කිවේ පසුගිය සතියේදිය.මීගමුව නගරය මධ්‍යයේ කඩොල් කැලේ ක්‍රිඩාංගනය අසල ගැටගසා තිබු ගැබ්බර වැස්සියක් අප්‍රේල් 15 වනදා සවස කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇතැයි වාර්ථා වේ
මේ එළදෙන පැටියා බිහිකිරිමට නියමිතව ඇත්තේ අප්‍රේල් 26 වෙනිදාට බව මේ එළදෙනගේ හිමිකරු මීපුරට පවසා සිටියේ මහත් වේදනාවෙනි.
පසුගිය දින කිපය පුරාම මේ වැස්සිය සෙවිමට මහත් වෙහෙසක් ගෙන තිබු හිමිකරු පවසා සිටියේ පැහැරගත් හරකුන් පිරිසක් කිසියම් රූපවාහිනි නාලිකාවක පෙන්වා ඇති බවය. ඔහු අපේ සහය පතා සිටියේ මේ පුවත විකාශය වු නාලිකාව හා දිනය සොයාගැනිමට උදව්කරන ලෙසය.
අප ඔබගෙන් ඉල්ලන්නේ හැකි අයෙක් මෙයට සහය දක්වන ලෙසය.