මීගමුව ජනතාවගේ භුක්තියෙන් ගිලිහෙන පොදු දේපළ

0
334

IMG_9195-6

මේ දිස්වන්නේ මීගමුව නගර මධ්‍යයේ මීගමුව නගර සභාවට අයත් ඉඩමකි. මෙම ස්ථානය පිහිටා ඇත්තේ මීගමුව බස්නැවතුම්පළ ආසන්නයේ ඇති කැල්ටන් හෝටලයට පිටිපසිනි. මෙහි යම් ඉදිකිරීම් කොටසක් ආරම්භකර අතරමග නවතා ඇති අතර එහි මුල්ගලක්ද තබා ඇත. මීගමුව දුම්රියපොළ පාර අසල සෙනසුරාදාට ඇති ‘නයිට් බසාර් ” එක එම ස්ථානයට ගෙන යන බවට කලින් දී ඇති පොරොන්දුවක් වන අතර මේ වනතෙක් එය ඉටුකිරීමට නොහැකි විය. සෙනසුරාදා නයිට් බසාර් එකේ ඇති තදබදය නිසා මීගුමවේ ජනතාව එදිනට සිය වෙළදාම මෙන්ම පාරිභෝගිකයින්ට ද නිදහසේ බඩු ගැනීමට හරිකාරව කරගැනීමට එම මාර්ගයේ නිදහසක් නොමැත. මෙම ස්ථානය ඒ සදහා ජනතාවට ලබාදිය හැකි නම් ඉතාමත් අගනා කටයුත්තක් වන අතර මේ වනවිට තැබෑරුම් වත්ත කිසිදු නඩත්තුවක් නොමැතිව අත්හැරදමා ඇත. එහි කුණු කසල එක්රැස්වී පරිසරය අපිරිසිදු වී අයාලයේ යන්නන් සැරිසරන ස්ථානයක් බවට පත්වී තිබේ. මෙය මීගමුව නගර සභාවේ අවධානයට ලක්විය යුතු ස්ථානයකි.  IMG_9190-2ඡායාරෑප-  දිල්ශාන් ක්‍රිෂාන්ත තිසේරා