සියුම් කලාවේ දස්කම් පාන රන්කරුවෙක්

0
832

DSC_0016new

රන්  කර්මාන්තය  ඉතා  සියුම්  කලාවක්ද  වේ.   රළු දළ ලෝහය  තුළින්  මටසිළුටු  ස්වර්ණාභරණයක්  තැනූ  පැරණි  රන්  කරුවන්  ගැන පොත පතෙහිද  සදහන්වේ. මේ සදහා දැඩි  ඉවසීමක්  සහ  කැපවීමක් අවැසිය.අපේ  කථාබහට  ලක්වන  රන්කරුවා  නමින්  උක්වත්තගේ   රංග  ප්‍රියමන්තය. ඔහු  අතින්  නිමවෙන   රන්ආභරණයක  අඩංගුවන්නේ  රන්  පමණක්  නොව  විස්වාසවන්තකම,  ක්‍රමවත්බව,  පිළිවෙල යනාදී  ගුණාංගද  ඇතුලත්ය.  වසර  ගනනාවක්  තිස්සේ  මෙම කර්මාන්තයේ  නියැලෙමින්  මනා  පුහුණුවක්  ලැබු  ඔහු  තමාටම  අයිති  වැඩපොලක  වැඩකරමින්  තම  නිර්මාණ  කටයුතු  සිදුකරයි. රන්  වලට  අමතරව  විවිධ  වර්ගයේ  ලෝහ  එනම්  රිදී, තබක්ක, ආදී  වර්ගද  මේ  සදහා  භාවිතා  කරන අතර  ස්වර්ණාභරන  අළුත්වැඩියාව,  පොලිෂ්  කිරීම,පාට දැමීම  වැනි  දේද  සිදු කරයි. එසේ  වැඩකරමින්   සිටිද්දීම  ඔහු  අප සමග  කථාබහක   යෙදුනේ   මෙසේය.

ඔබ  රන් කර්මාන්තයට  යොමුවුනේ  ඇයි?

මට  මේ වැඩ  ගැන  ලොකු ආශාවක් තිබුනා.  ඒ වගේම  හොද  කෙනෙක්  ලඟ  වැඩකරන්න  පුළුවන් වුනා. එහෙම  වැඩකරල  මම ගොඩක්  මේ  ගැන  ඉගෙන  ගත්තා. මගේ  උත්සාහය   නිසා  තමයි  අද  මම මේ  තත්වයට  ආවෙ.  මුලින්ම   මගෙ  නිවසේ   සුළුවෙන්  වැඩ  කරමින්   දළුවකොටුව   ප්‍ර‍දේශයේ  නමක්  හදාගත්ත. ඊට  පස්සෙ  මේ  ස්ථානය  හදාගන්න  පුළුවන් වුනා.

ඔබේ  ව්‍යපාරයේ  දැන්  තත්වය   සහ  ඉදිරි  අරමුණු..

මේ  දවස්වල  රන්මිල  වැඩියි.  ඒනිසා  පාරිභෝගිකයින්ගෙ  පැමිණීමෙ  අඩුවක්    තියෙනවා. ඒක  මේ කර්මාන්තයෙ  ස්වාභාවයක්.  ලෝකෙ  පවතින  තත්වය  අනුව  තමයි   ඒක  තීරණය  වෙන්නෙ.  කැරට්  22 හොදම  රන් වලින්  තමයි  මම  අවශ්‍ය  භාණ්ඩ   හදන්නෙ. ඒක  හරි  විදිහට  කළොත්   විතරයි  මිනිස්සු  අපි  ලඟට  එන්නෙ. දැනට  සාමාන්‍ය  විදිහට  වැඩකරගෙන   යනවා.  ඉදිරියේදී   මීට  වඩා  දියුණු  තත්වයක්  ඇතිකරගන්න  උත්සාහ  ගන්නවා.

ඒනිසා  ඔබට  අවශ්‍ය   රන්  ආභරණ  ප්‍රමිතියකට  අනුව  විස්වාසවන්තව  සාදා  ගැනීමට  විමසන්න.  SENURA   GOLD   HOUSE   අංක532/2 අඩි60  පාර, කට්ටුව, මීගමුව.

සටහන සහ ඡායා – සැම්සන් ඥානසිරි