මීගමුව දූවේ දරුපැටව් සෙල්ලම් කරපු මුහුදු වෙරළත් කාබාසිනියා කළ දේශපාලකයන්ගේ මෝඩ සංවර්ධනය

0
192

Duwa kids 1වරාය නගරයක් හදන්න මුහුදු හරා වැලිගන්නට එදා මුලින්ම චිනයත් සමගින් ගිවිසුම් ගැසුවේ 2015 පෙර පැවති රාජපක්ෂ පාලනයයි.පසුව පැමිණි යහපාලනයද වරාය නගරය ඉදිකිරිම් සදහා වැලි ගැනිමෙන් සිදුවෙතැයි ධිවරයන් විසින් දිගින් දිගටම කරන්න යෙදුන කරුණු පැහැදිලි කිරිම් ගණන් ගත්තේ නැත.
කෙසේ වෙතත් වත්මන් රාජපක්ෂ පාලනය විසින් වරාය නගරයේ ඉදිකිරිම් දිගටම කරගෙනයමින් එය විවෘත කිරිමද සිදුකර තිබුනේය.
මේ දේශපාලකයන්ගේ මෝඩ සංවර්ධන සැලසුම් විසින් අද බරහිර වෙරළ තිරයේ ධිවර ජනජිවිතය බලවත් තර්ජනයකට ලක්ව තිබේ.
මිගමුවේ දූව නම් වු සුන්දර ගම නුදුරේදිම මුහුදට බිලිවිමේ තර්ජනයක්ද දැන් මතුව තිබේ.
ඒ ගමේ එදා තිබුන සුන්දර වෙරළ තිරය අද මුහුද ඛාදනය විසින් බිලිගෙන හමාරය.
එදා ඒ වෙරළේ ක්‍රිඩා කළ මේ දරුපැටවුන්ට තමන්ගේ මුහුදු වෙරළ ක්‍රිඩාපිටියද අහිමිය.
තදට හමන හුළං කපාගෙන යන්න සරුංගල් අරින්නට මේ පැටවුන්ට සිදුව ඇත්තේ එ නිසාය.