මීගමුව දූව ගමේ ජුදාස්ලාට එරෙහිව සුජිත්ලාගේ සටන ජයගනී

0
422
අධිකරණ නියෝගයක් ලබාගෙන තාවකාලි පැල්පත පවා කඩා දමන මිල්ටන්ලා

මිගමුව දූව කියල කියන්නේ ලෝකෙම කතාබහට ලක්වුන ගමක්.
ඒ පාස්කු හින්ද.
ඒත් පහුගිය දවස්වලත් දූව ගම ගැන රටක්ම කථා කරන්න පටන් ගත්ත. ඒ පාස්කු හින්දම නෙමේ .
හැබැයි පාස්කුවත් එක්ක බැදුන චරිතයක් වෙච්ච ජුදාස්ලා පිරිසක් හින්ද .
එදා ජුදාස් ජේසුව පාවල දුන්නේ රිදි 30 කට.
අදත් ජේසුගේ දහම පාවාල දෙන ජුදාස්ලා කිප දෙනෙක් හින්ද දරුපවුලක් අවුරුදු 2 කකට ආසන්න කාලයක් තිස්සේ අපා දුක් වින්ද .
ඒ තමයි වෙරළ ඛාදනය නිසා තමන්ට කියල තිබුන නිවස අහිමි වුන සුජිත්ලා.
රජයේ බළධාරින් මේ අයට රජයේ ඉඩමක් ලබාදිම අනිවාර්ය වුනත් ඒ උත්සායන්ට පවා කට්ට ගහපු ජුදාස්ල කිප දෙනෙක් ගැන පහුගිය දවස්වල මිගමුව දූව ගමේම කතාබහ වුනා.
මිගමුවේ සමහරක් රාජ්‍ය නිළධාරින්ට ගතු කේලම් කියපු කේට්ටයෝ ටික දෙනා බැලුවේ සුජිත්ලාට වෙනත් තැනකින් ඉඩමක් ලබාදෙන එක නවත්තලා කොහොම හරි අර ජිවිත අවදානම් තියෙන මෝරවලේ වෙරළ ඛාදනයට ලක්වුන ඒ කැඩුනු ගෙදරටම යවන්න.
මේකට ඔපිනියන් දිපු දේශපාලනඥයෝත් හිටියා.
මිගමු දූවේ මේ ජුදාස්ලටයි එයාලගේ කරේ අතදාගත්තු දේශපාලකයන්ටයි අද ඇස්ඇරෙන්න උත්තරයක් දෙන්න අසරණ ධිවරයෙක වෙච්ච සුජිත්ට පුලුවන් වුණා.
ඉන්න තැනක් නැති හින්ද මිගමු කලපු ඉවුර ලග පැල්පතක් අටවගෙන හිටපු සුජිත්ලාව ඉතනින් එලවල දාන්න වෙරළ සංරක්ෂණේට පැමිණිලි දැම්මේ හරියට කලපුවට හැබැවට ආදරේ කරපු මිනිස්සුද ?
මොන පිස්සුද ?

කඩොල් කපල පරිසරය විනාශ කරල නඩුවැටිල දඩගෙවල .අන්න ඒ වගේ ඩයල් තමයි කලපු ඉවුරේ තාවකාලිකව සුජිත්ලට හදාගෙන හිටපු පැල්පත කඩල දාන්න නිතිය ඉස්සරහට ගියේ .

.ඒක තමයි තිත්ත ඇත්ත
ඉතින් වෙරළ සංරක්ෂණේ ඇතැම් මහත්තුරුත් මේ ජුදාස්ලාගෙන් හොදහැටි සප්පායම් වෙන අය කියල ප්‍රසිද්ධියේම කිව්වේ දූව ගම නියෝජනය කරන මහජන නියෝජිතයෙක්..
එහෙම කැරැට්ටුවක් තියෙන වෙරළ සංරක්ෂණ මහත්තුරු සෙට් එකක් තමයි සුජිත්ලගේ පැල්පතිනුත් එළියට ඇදල දාන්න උසාවියට නඩු දාන්නේ මේ පැල්පත අනවසර ඉදිකිරිමක් කියල .
හැබැයි මේ වෙරළ සංරක්ෂණේ මහත්තුරුන්ට නොපෙනුනාට සිය සිය ගාණකටත් වැඩි අනවසර ඉදිරිකිරිම් කලපුව වටේම පිරිල තියෙනව කියල.
දුව ගමේ ජූදස්ලයි,ඒ අයගේ කරේ අත දාගත්තු දේශපාලකයොයි වෙරළ සංරක්ෂණේ විතරක් නෙමේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නෝනලයි මහත්තලයයි අවුරුදු දෙකක් තිස්සේ අසරණ දරුපවුලක් පුදුම විදියට අනාථ කළා.


මාධ්‍යකරුවෙකු සැබැ වගකිම් තේරුම්ගත්තු මිගමුවට සම්බන්ධ මාධ්‍යවේදින් පිරිසකුයි, සමාජ දේශපාලන ක්‍රියාකාරින් පිරිසකුයි සුජිත්ලාව අතහැරියේ නැ.
සුජිත්ලාට වෙච්ච ආසාධාරණය ගැන දිගටම හඩ නැගුවා.
ඒ හෙළිදරව් කිරිම් දැක්ක ශ්‍රිලංකා මානව හිමිකම් කොමිසම සුජිත්ලාට රාජ්‍ය නිළධාරින්ගෙන් වෙලා තිබුන අසාධාරණය ගැන හොයල බලන්න එයාල පහුගිය දවස්වල හිටපු කුඩාරමටම හොයන් එනවා.

වැඩේ පත්තුවෙන්නේ ඊට පස්සේ .

එතකොට තමයි අර මිගමුවේ දූවේ ජුදස්ලගේ කරේ අත දාගෙන සුජිත්ලාව තවත් අසරණ කරපු රාජ්‍ය නිළධාරි නෝනාලට මහත්තයලට තරු පේන්න පටන් ගත්තේ .
මොකද සුජිත්ලාට සාධාරණයක් ඉටුනොකොළත් අනිවාර්යනේම කොළඹට කැදවල ඒ ගැන මානව හිමිකම් කොමිසම පරික්ෂණයක් කරන්නයි සුදානම් වෙලා හිටියේ .
ඒකට බයවෙච්ච පාර අවුරුදු 2 කට ආසන්න කාලයක් සුජිත්ලට දෙන්න ඉඩමක් හොයාගන්න මහන්සි නොවුන රාජ්‍ය නිළධාරින් සෙට් එක මෙන්න එකපාරටම ලොකු උනන්දුවකින් කටයුතු කරන්න පටන් ගන්නව ..

එකේ ප්‍රතිඵලයක් හැටියට පිටිපන මහවත්ත කියන තැනින් පර්චස් 4 ක ඉඩමක් වෙන්කරල දෙන්න පහුගිය දවසක කටයුතු කරනවා

.පමා වෙලා හරි සුජිත්ලට යුක්තිය ඉටුකරන්න කටයුතු කරපු මිගමුව ප්‍රාදේශිය ලේකම් අයේෂා නෝනා ට ස්තුතියි කියන්නට අපේ මාධ්‍ය සගයෝ මැලිවුනේ .නැ .අපි රටටම ඒක කිව්ව .
අර දූවේ ගමේ ටික දෙනාගේ කිම අහන්නේ නැතිව කලින්ම සුජිත්ලට සාධාරණයක් ඉටුකරන්න අයේෂා නෝනා කටයුතු කළා නම් තමයි මරු.
අවස්ථාවාදින් ටික දෙනෙක්ගේ කථා අහල අසරණයන්ට යුක්තිය පමා කරන මිගමුවේ සර්ල මැඩම්ලට සුජිත්ලා කියා දුන්නේ මරුම පාඩමක්…