2017 වසර සදහා මීගමුව අධ්‍යාපන කලාපය තුළ දෙමළ මාධ්‍ය ගුරු මාරුවීම් තුළ වසර 25ක් තිස්සේ මාරුවීම් නොලබා තමන්ගේ මුල් පත්වීමේ සිට වසර 25ක් පුරා එකම පාසලේ සිටින ගුරුවරුන්ද සිටින බව වාර්තා වේ.
මෙවර ගුරු මාරුවීම් සිදුකර ඇති අකාරය විමර්ශනය කරන විට විදුහල්පතිවරුන්ගේ නිර්දේශ පවා සැලකිල්ලට ගෙන නොමැති බවත් මෙම තත්ත්වයට වගකිවයුතු ගුරු මාරු මණ්ඩලය තුළද යම් ගැටළුකාරී තත්ත්වය උදාවී ඇති බවට ද වාර්තා වේ.
පෙර වසර වලදී ගුරු මාරු මණ්ඩලය නියෝජනය කළ මීගමුව කලාප නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා මාරු මණ්ඩලයෙරන් ඉවත්ව ඇති බවද වාර්තා වේ. මේ හේතුවද මෙවර මාරුවිම් වලදී සිදුවී ඇති ඇති අඩුපාඩු වලට බලපා ඇතැයි අධ්‍යාපන නිලධාරීන් පවසති.