මීගමුව නගරයේ අනාරක්ෂිතම පැය…????

0
61

මීගමුවේ ප්‍රකට ස්වර්ණාභරණ සහ විදේශ මුදල් මුදල් මාර කරන ස්ථානයක් වු ජුවෙල් ලංකා ආයතනයේ මුදල් කොල්ලය සිදුව ඇත්තේ දහවල් 1.30 ත් 2.00 ත් අතරය.
මෙම මංකොල්ලය කිසියම් අයෙක් විසින් දන්වා සිටිමෙන් අනතුරුව මීගමුව පොලිස් ස්ථානය වෙත යමින් සිටි රථ වාහන අංශයේ පොලිස් නිළධාරියෙකු සිය යතුරු පැදියෙන් එම ස්ථානයට ගොස් ඇත.එහෙත් ඔහු අත කිසිදු අවියක් තිබි නැත.
මේ නිසාම මෙම තත්වයට මුහුණ දිය යුතු අයුරු ඔහු කල්පනා කරන්නට ඇත.එමෙන්ම ඔහුගේ ඉහල නිලධරයන් වෙතද දන්වා සිටින්නට ඇත.
කෙසේ හෝ මුදල් මංකොල්ල කා එලියට පැමිණ සොරුන් පොලිස් නිළධාරියා දැකිමෙන් අනතුරුව සගවාගෙන තිබු පිස්තෝලය නැවතත් එලියට .ගනිමින් පොලිස් නිළධාරියා වෙත ඉල්ල කර කරමින්ම නවතා තිබුන  යතුරු පැදි කරා ගොස් පලායන්නට පටන් ගෙන ඇත.
ඉන්ජින් ධාරිතාව 500 ක් වු රථ වාහන අංශයේ මේ යතුරු පැදියේ සිටි නිළධාරියා සිය දිවි නොතකමින් වුව හේ මංකොල්ලකරුවන් ලුහු බැද ගියේය.
අතරු පාරවල් වලින් ගොස් කෙසේ මේ හොර කල්ලිය කුරණ දුම්රිය රේල් ගේට්ටවු අසලින් ඇති පරාක්‍රම පාරේ  ගොස් බෝලවලාන දෙසට හරවා එක් මංකොල්ලකරුවෙකු සිය අත රැදි පිස්තෝලය ඔවුන්ව ලුහුබැද හා පොලිස් යතුරු පැදි කරු වෙත ඉල්ල කර ඇත.නිරායුධ පොලිස් නිළධාරියාගේ ලුහුබැදිමේ සිමාව එසේ ලකුණු විය.
මේ හේතුවෙන් මදක් නැවතුන විරාමය ප්‍රයෝජනයට ගනිමින් ඔවුන් දාගොන්න දෙසට පලා ගොස් තිබුණි.
මේ මංකොල්ලය සදහා යොදගෙන තිබුනේද මංකොල්ල කන ලද යතුරු පැදි දෙකක්  වන අතර ඒ සදහා ආරක්ෂිත හිස් වැසුම් මිළට ගෙන තිබුනේ කොප්පරා හංදිය ආසන්නයේ ස්ථානයකින් මංකොල්ලයට සුළු වේලාවකට කලිනි.
මෙහිදි මතුවෙන එක් කරුණක් වුයේ මෙම සිදුවිම අදාල බලධාරින් වෙත වාර්ථා කර තිබුනද පොලිස් ආරක්ෂක අංශ නිලධාරින් මේ සොරුන්ව ලුහුබැද ගොස් අල්ලාගැනිමට නිසි පියවරක් ගෙන නොතිබුන බව වාර්ථා වේ.

පාසැල් ඇරෙන වේලාවන් හි මාර්ග හැසිරවිම සදහා සැලකිය යුතු ාපිලින් පොලිස් නිළධාරින් පිරිසක් යෙදවීම හේතුකොට ගෙන අදාල පිරිස් බලය  නොතිබුනා විය හැක.කෙසේ වෙතත්  පැන නැගුණ ක්ෂණික තත්වයට මුහුණ දිම සදහා වන සුදානමක් මීගමුව පොලිසිය තුල නොතිබුණ බව මේ සිදුවිමෙන් පැහිදිලිව පෙනි යයි.
මීගමුවේ පොලිසිය දවහල් 1 ත් 2 ත් අතරේ කාර්යබහුල බව දැනගෙනම මෙම කොල්ලය  ඒ වෙලාවට සැලසුම් කරන්නට ඇතැයිද විටෙක සිතිය හැක.
කෙසේ වෙතත්  මිගමුවේ අනාරක්ෂිතම පැය බවට පත්ව ඇත්තේ ප.ව 1 එත් 2කත් අතර කාලය බව නිගමනය කළ යුතුව තිබෙන අතර ඒ සදහා ඉදිරියේදි විශේෂ වැඩපිළිවෙලක් සැලසුම් කිරිමට පොලිසිය පියවර ගතයුතුවේ.

…..