මීගමුව නගරයේ අපිරිසිදු හෝටල් 5 කට නඩු

0
73

මීගමුව නගරයේ ස්ථාන කිපයක හෝටල් වල පිරිසිදුකම පිළිබද හදිසි වැටලිමක් මීගමුවේ මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය විසින් පසුගිය දිනක සිදුකරන ලදී.විශේෂයෙන්ම බස්නැවතුම  අවට   සහ  උසාවි අසල ඇති හෝටල් මේ පරික්ෂාවට ලක්කර තිබුණි.මේ සම්න්ධයෙන් අපට අදහස් පවසා සිටි ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරි සෝමසිරි මහතා පවසා සිටියේ මේ මෙහෙයුමේදි ආහාරයට නුසුදුසු පුස්කෑ පුහුල් දෝසි කි 50 ක් පමණ සොයා ගත් බවය. එමෙන්ම කිසිදු ලේබලයක් නැති රසකැවිලි වර්ගද මේ අතර වු බව පවසා සිටියේය.

විශේෂයෙන්ම සදහන් වුයේ විශේෂයෙන්ම නගරයේ ප්‍රධාන පෙලේ හෝටල්වල පවා කෑම පිසින ස්ථාන හා වැසිකිලි ඉතාම නරක තත්වයක පැවැති බවය.මේ ගනයේ හෝටල් 5 කට නඩු දමන්නට එදින සිදුවු බවද පවසා සිටියේය.

මේ අතර අප සිතන්නේ වත් නැති ලස්සන හෝටල් පවා ඇතැයි වාර්ථාවේ.