මීගමුව නගරයේ ආරක්ෂාවට CCTV කැමරා දෙනවා කි පොරොන්දුවට මොකද වුනේ ?

0
47

sarath-g2014 අප්‍රේල් 19 වනදා මීගමුව පොලිස් ශ්‍රවණාගාරයේදි  මීගමුව නගරයේ ආරක්ෂාව පිළිබදව විශේෂ රැස්විමක් පැවැත්විණි.ඒ මීගමුවේ දේශපාන අධිකාරියේ සහ පොලිසියේ ප්‍රධාන නිළධාරින් සියල්ලගේද මීගමුවේ ව්‍යාපාරිකයන්ගේද සහභාගිත්වයෙනි.ඇමති නිමල් ලංසා විසින් නගරයේ සහ විශේෂයෙන්ම සංචාරක කලාපයේ ආරක්ෂාව පතා ආරක්ෂිත කැමරා පද්ධති සවිකිරිම සදහා යෝජනාවක් ගෙන ආ අතර ඒ සදහා මීගමුව මහනගර සභාවද අවශ්‍ය මුදල් ආධාර ලබාදෙන්නට සම්මාදම් විය හැකි බව දන්වා සිටියේය.
කෙසේ වෙතත් මේ යෝජනාවට දැන් වසරක් පිරෙමින් තිබේ.
එහෙත් ආරක්ෂක්ෂිත කැමරා පද්ධති හෝ නගරයේත් සංචාරක කලාපයේත් ආරක්ෂාව වෙනුවෙන් කිසිදු විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නැත.
මීගමුවේ දේශපාලන අධිකාරියට මේවා යළිත් මතක් වන්නේ නගර සොරකම් රැල්ලක් ක්‍රියාත්මක වන්නේ නම් පමණද ?