මීගමුව නගරයේ නොනවතින සොරකම්

0
62
 ( වීඩියෝව)  පසුගිය 8 දින ( ඉරිදා ) මීගමුව වැල්ලවීදිය ප්‍රදේශයේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ස්ථානයකට ගිය නිලූශන් මහතාගේ  යතුරුපැදිය සොරකම් කර තිබේ.
මෙම යතුරුපැදිය ඩිස්කවරි 135  වර්ගයේ කලු සහ රතු පැහැති යතුරු පැදියක් වන අතර එහි ලියාපදිංචි අංකය වන්නේ WP UO – 5255  වේ.  එදින පස්වරු 1.38 ත් 1.40 අතර මෙම සොරකම සිදු වී ඇත. මේ සම්බන්ධයෙන් මීගමුව පොලීසියට පැමිණිලි කර තිබේ.

මේ අතර මිගමුව රෝහල ඉදිරිපිටද පසුගිය දිනක නවීන ත්‍රීවිල් රථයක් ද අතුරුදහන් වී ඇති බව වාර්ථා වේ.
මීගමුව නගරයේ ද ව්‍යාපාරික ස්ථානයක් කොල්ලකෑමේ  සිදුවීමක්ද වාර්ථා වේ. මීගමුව නගරයේ දිනෙන් දින් වැඩිවෙන සොරකම් සම්බන්ධයෙන් පියවරක් ගත් යුතුව ඇත.
උකුස් ඇස් වසා කරන මෙම කොල්ලකෑම් පිළිබඳ සොයාබැලීමක් කරන මෙන් මීගමුව ජනතාව  පොලීසියෙන් ඉල්ලීමක් කරති.
මීගමුවේ ව්‍යාපාරිකයන්ගේ මුදලින් නඩත්තු වන උකුස්සාගේ කාර්යභාරය ගැනද දැන් යළි සිතා බලන්නට කාලය එළඹ තිබේ.