මීගමුව නගරසභාව දැමූ පැලැස්තර ගැලවී පිල්ලෑව පාරේ වලවල් මතුවේ.

0
416

IMG-20191012-WA0020

මීගමුව , දළුපත , පිල්ලෑව පාරේ සුපර්සෝනික් ආයතනය හිමිකරු වන අනුර මහතා ගේ නිවස අසල තිබුනු වලවල් කිහිපයක් පසුගිය දිනක මීගමුව නගරසභාව විසින් තාර මිශ්‍රිත මිශ්‍රණයකින් වසා දමන ලදී . නමුත් මසක කාලයක් ගතවීමට පෙර එම පැලැස්තරය ගැලවෙමින් පවතී .

මෙම ස්ථානය අනතුරු සිදුවන තැනකි. එයට ප්‍රධාන හේතුව වන්නේ මෙම පාරේ පවතින වංගුවයි.
නගරසභාව ප්‍රමිතියකින් තොරව මෙවැනි පැලැස්තර දැමීම , මුදල් නාස්ති කිරීමක් පමණි . මේ සඳහා ස්ථිර වැඩපිළිවෙළක් තිබිය යුතුය. මීගමුව නගරසභාවේ සිටින තාක්ෂණ නිලධාරි මහතා මේ ගැන අවධානය දිය යුතුය . එමෙන්ම මෙම පාරෙන් යන එන පිරිස සහ වගකිවයුතු අය මේ තත්වය විමසා බලා මෙහි ගැඹුරු අගාධයක් නිර්මාණය වීමට පෙර යම් විසඳුමක් ලබාදිය යුතු බව අප අවධාරණය කරන්නෙමු .