මීගමුව නගරාධිපතිට ඇප …

0
105

jayeweeraමීගමුව නගරාධිපතිවරයාගේ වාහනය යතුරු පැදියක ගැටිම හේතුවෙන් ඊයේ රාත්‍රියේ මීගමුව පොලිස් අධිකාරි කාර්යාලය අසල පොලිස් නිළධාරියෙකු හා ඇතිවු බහින් බස් විමක් හේතුවෙන් ඇතිව තිබු ආරවුල සහකාරි පොලිස් අධිකාරි ආන්නද අල්විස් මහතාද පැමිණ සමතයට පත් කර අදාල නිතිමය පියවරයන් සදහා දෙපාර්ශවයටම උපදෙස් දි තිබුණි.
කෙසේ වෙතත් අද උසාවිය ට ඉදිරිපත් කෙරුණ නගරාධිපතිවරයාට රුපියල් 10000 ක මුදල් ඇප මත නිදහස් කර ඇතැයි වාර්ථා වේ.
රජකාරියට බාධා කිරිම ඇතුළු කරුණු 3 ක් යටතේ නගරාධිපතිවරයාට එරෙහිව චෝදනා ගොනු කර තිබුන අතර මෙම නඩුව කැදවු අවස්ථාවේ ඒ වෙනුවෙන් ඉදිරිපත් වු  මීගමුව පොලිස් අධිකාරිවරයා ඉල්ලා තිබුනේ දින 14 ක් දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.
නගරාධිපතිවරයා වෙනුවෙන් පක්ෂ විපක්ෂ නිතිඥයන් සියළු දෙනාම පෙනි සිට ඇතැයි අපගේ උසාවි ආරංචි මාර්ග සදහන් කරයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here