මීගමුව නගරාධිපතිව ගෙදර යෑවිමේ කුමන්ත්‍රණයක් ?

0
63

mayorමීගමුවේ සියල්ල තින්දු කරනු ලබන්නේ පාතාලය විසින් බව අප අවස්ථා ගණනාවකදිම මතු කළෙමු.සිවිල් පරිපාලනය බොහෝ අවස්ථාවල ක්‍රියාත්මක වන්නේ නමට පමණි.
රාජ්‍ය පරිපාලන නිතිය නිසි ලෙසින් ක්‍රියාත්මක වන්නේ නම් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් පාරවල් රථගාල් බවට පත්කරගෙන මුදල් උපයන්නට පුද්ගලයන්ට නොහැකිය.
පළාත් පාලන නිති ප්‍රකාර මහජන පොළක් පැව්ැත්විය හැක්කේ නගර සභාවටකම පමණි.එහෙත් මීගමුවේදි රජයේ වියදමින් නිමැවුන මාළු වෙළද පොලක් පවත්වාගෙන යන්නට තනි පුද්ගලයෙකුට ඉඩ ලැබි ඇත.
එපමණක් නොව වැල්ල අයත් වන්නේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වුවද නගර සභාව විසින් තනා ඇති බිච් පාක් එකේ සියළු ව්‍යාපාරික කටයුතු කරගෙන යමින් කෝටි ගණන් මුදල් උපයන්නට මීගමුවේ එක් පුද්ගලයෙකුට  දශකයකටත් වැඩි කාලක් ඉඩ ලැබි ඇත.
මේ සියල්ල එසේ සිදුවෙමින් ඇත්තේ නගරසභාවක් නගරාධිපතිවරයෙක් සහ විපක්ෂයක්ද තිබියදිය.
තවත් මීගමුව තමන්ගේ ග්‍රහණයට නතු කර ගැනිම සදහා මහජන ජන්දයෙන් තේරිපත්ව ඇති නගරාධිපතිවරයාව මීළග අයවැය අවස්ථාවේදි එය පරදවා ගෙදර යැවිමේ කුමන්ත්‍රණයක් ඇති බවට ඉතා විශ්වාස කටයුතු ලෙසින් තොරතුරු වාර්ථා වේ.
මේ සදහා විපක්ෂයේ මන්ත්‍රිවරුන් මුදල් දි සහය ගැනිමටද සැලසුම් කර ඇතැයි වාර්ථා වේ.
කෙසේ වෙතත් විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගෙන් 3 දෙනෙකු හැරෙන්නට අන් සියල්ලෝ ම නිළ නොවන ලෙසින් ඉන්නේ ආණ්ඩු පක්ෂයේය.
වැඩබලන විපක්ෂ නායකයා මෙන්ම විපක්ෂය නියෝජනය කරමින් මුදල් කාරක සභාවේ සිටින මන්ත්‍රිවරයාද ආණ්ඩුෙව් වැරදි ගැන කටක් හොලවන්නේ නැත.
මේඅනුව ඉදිරි අයවැය අවස්ථාවේදි අයවැයෙන් ආණ්ඩුව පරාජය කළහොත් නගරාධිපති ඉල්ලා අස්විය යුතුය. එසේ ඇති වන පුරප්පාඩුව පිරවිම සදහා ඇමැති නිමල් ලංසාගේ සහෝදරයා වන දයාන් ලංසා පත් කරවා ගැනිම මේ ක්‍රමන්ත්‍රණයේ මුලික අරමුණයි.
එසේ වන්නේ නම් බස්නාහිර පළාත පමණක් නොව මුළු මීගමුවද ඉතා පහසුවෙන් එක පවුලක ප්‍රබලයෙකුගේ අතට පත් වනු ඇත.