නගරාධිපතිවරයා විසින් අදාල පොලිස් නිළධාරියාට තමන් මීගමුව නගරාධිපතිවරයා යැයි කියමින් තර්ජනය කර ඇතැයිද සැලය.
කෙසේ වෙතත් පොලිස් අධිකාරි කාර්යාලයේ අනෙකුත් නිළධාරින්ද එම ස්ථානයට රැස්ව ඇති අතර සිද්ධිය සමතයකට පත්ව ඇත්තේ නගරාධිපතිවරයා අදාල පොලිස් නිළධාරියාගෙන් සමාව ගැනිමෙන් අනතුරුව යැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
එහෙත් මේ සිදුවිම ඒ වන විටත් පොලිසියේ ඉහලට වාර්ථා වි ඇති අතර මේ සිදුවිම සම්බන්ධයෙන් දැන් නගරාධිපතිවරයාව අත්අඩංගුවට ගැනිම සදහා පොලිසිය කටයුතු කරමින් සිටින බව වාර්ථා වේ.
නම සදහන් කිරිමට අකමැති පොලිසියේ නිළධාරියෙකු මිපුරට පවසා සිටියේ මීගමුවේ ආණ්ඩු පක්ෂය තුලම ඇති පිළ් බෙදිම මේ සිදුවිම පිටුපස ඇති බවය.