මීගමුව නගරාධිපති ඇන්ටනි ජයවීර මහතාගේ දේශපාලන ඉරණම…????

0
78

මීගමුව නගරයේ ඇවිද යන ඔබ දකින්නේ  දායන් ලංසාගේ සහ නිමල් ලංසාගේ  ජායාරූප රැගත් දැවැන්න  කට්අවුට් රදවා ඇති අයුරුයි.

දයාන් ලංසා යනු නිමල් ලංසාගේ මිලියන ගණනක් වු මුල්‍ය  වැය හමුවේ සහ නිමල් ලංසාගේ කිර්තිනාමය තුලින්  ආණඩු පක්ෂයේ වැඩිම මනාප වලට හිමිකම් කි තැනැත්තාය.

පක්ෂ නායකත්වය විසින් දුන් කොන්දේසි ප්‍රකාර අඩියක් පස්සට ගත් ඇමැති නිමල් ලංසා නගරාධිපතිධුරය සිය චුම්බක ක්ෂේත්‍රය ඇතුලේම රදවා ගනිමින් නමට පමණක් ඇන්ටන් ජයවිර නම් වු මීගමුව ආණ්ඩු පක්ෂයේ  දැනට නගර සභාව තුල සිටින  ජේෂ්ඨතම කෙනා වෙත පවරන ලදි.

මේ නිසාම සිය ධුරය තුල අද සිරකරුවෙකුගේ තත්වයට පත්ව ඇති නගරාධිපතිවරයාගේ ආකාර්ශනිය කට්අවුට් වෙනුවට අද පාර අයිනේ විවෘත වන කිරිහලක් ඇතුලේ ඇත්තේද මේ  අයියා සහ මල්ලිගේ රාමු කරන ලද පින්තූරයන්ය.

අයියා දේශපාලනය කරන නිසා මල්ලිට එය අකැප යැයි අප නොකියමු. එහෙත් මේ යුගලයේ ක්‍රියාකාරිත්වය ,අද මුළු  ලංකාවම   අර්බුදයට යවා ඇති කුටුම්භ දේශපාලනයේ මීගමු භාවිතව ලෙස මතුව එමින් ඇති පසුබිමක මීගමුවට සිදුවන්නේ කුමක්දැයි කල් ඇතිව සිතා බැලිම මීගමුවට  ආදරය කරන අය වෙතට පැවරි ඇත.

මීගමුව තුළ මෑතක සිදුව වෙමින් ආ සියළු වර්ධනයන් සියුම් ලෙසින් ඇගයුමකට ලක්කරන්නේ නම් පැහැදිලි වන එක් කරුණක් ඇත.

එනම් ආණ්ඩු පක්ෂයේ සිටින සියළු ජේෂ්ඨ දේශපාලකයන්  මීගමුවේ දැනටමත් ක්‍රියාත්මක ඒකිය කුටුම්භ දේශපාලනය හමුවේ නන්නත්තාර වන තැනට කටයුතු සිදුවෙමින්  ඇති අයුරුයි.මේ වෙනුවෙන් එක් නිදසුනක් පමණක් ගෙනහැර දක්වන්නේ නම් මීගමුවේ හිටපු නගරාධිපති වු හර්මන් කුරේරා මහතා යනු  දිර්ඝ දේශපාලන ඉතිහාසයක් සහිත පවුලකට හිමිකම් කියන කිසිදා ශ්‍රිලනිපයෙන් වෙන් නොවු දේශපාලන භාවිතාවක සිටි පරපුරක, උගත් සංයමයක් සහිත චරිතවත් අයෙකි. එහෙත් ඔහුගේ ධුර කාලය තුලදි අඩුම තරමේ මීගමුවේ වසාදැමුන රාජපක්ෂ උද්‍යානය මීගමුවෙ ජනතාව වෙනුවෙන් සතියකටවත් විවෟත කරගැනිමට නොහැකි තරම් අවාසනාවන්ත ඉරණමකට  ගොදුරු වන්නට සිදුවුයේ මීගමු නගර සභා දේශපාලනය තුළ ලංසා සාධකය ඒතරම්ම ප්‍රබලව පැවැතිම සහ හර්මන් කුරේරා ඔහුගේ පිළේ අයෙකු නොවිමය.

මේ නිසාම හර්මන් කුරේරා නගරාධිපතිවරයාගේ ධුරකාලයේ අවසන් සමයේ ඇන්ටන් ජයවිරගේ නායකත්වයෙන් දෝෂාභියෝගක් තරම් වු  චෝදනාවක් ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රිවරුන්ගේද ආශිර්වාදය මත ඉදිරිපත් විය.

නගර සභා දේශපාලනයේ ආණ්ඩු පක්ෂයේ සිටින ඊළග ජේෂඨතම දේශපාලකයා වන වත්මන් නගරාධිපති ඇන්ටනි ජයවිර අද මීගමුවේ නමට පමණක් සිටින නගරාධිපතිවරයාය. සියල්ල මෙහෙයවෙන්නේ වෙනත් තැනකිනි.මෙවන් භාවිතාවකින් පසු ඇන්ටන් ජයවිරට අත්වන දේශපාලන ඉරණම හර්මන්  කුරේරාගෙන් වෙනස් වන්නේ කෙසේද….

මේ අනුව මීගමුවේ දේශපාන බලඅධිකාරිය ස්ථානගතවිමට නියමිතව ඇත්තේ වැල්ලවිදියේ එක් කුටුමභයක් අතය.අද එය කව්රැන් අකමැති වුවද යථාර්ථයක් බවට පත්ව ඇත.

එවන් ව්‍යහුයක් විසින් මෙහෙය වෙන්නට මීගමුවේ අනාගතය ගැන දැන්ම සිතා බලන ලෙස අප ඔබට ඇරයුම් කරමු

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here