මීගමුව නගරාධිපති ඉඩ නොදුන් සාම වැඩසටහන…

0
440

ජාත්‍යන්තර සාම දිනය නිමිති කොට ගෙන මිගමුවේ පවත්වන්නට සැලසුම් කරන ලද සාම වැඩසටහන මිගමුව බස් නැවතුම අසලදි පැවැත්විමට මිගමුව නගරාධිපති දයාන් ලංසාගේ සංවිධායක මණ්ඩලය ඉල්ලා සිටි අවස්ථාවේදි ඔහු ඊ‌ට ලබා දි තිබුනේ නැත.
පසුව මෙම වැඩසටහන මිගමුව ඔරලෝසු කණුව අසල IOC ඉන්ධන පිරවුම් හල අසල පැවැත්විමට සංවිධායකවරුන් කටයුතු කර තිබුණි.
සියළු ආගම් නියෝජනය කරමින් මිගමුවේ සිටින ආගමික නායකයන් මෙන්ම විවිධ ආගම් වලට සහ ජාතින්ට අයත් සාම ලදි ජනයාද මිට එක්ව සිටියහ.
මිගමුවේ අන්තර් ආගමික උපදේශණ මණ්ඩලය , සෙත්සරණ සහ කරිටාස් ආයතන එක්ව මෙය සංවිධානය කර තිබුණි.