මීගමුව නගරාධිපති දයාන්ගේ සාදයට පැමිණි කෝටිපති සෞඛ්‍ය කම්කරුවා ….

0
183
Thushan and team new
නාමල් රාජපක්ෂ සමිපයේම සිටින්නේ කෝටි 18 කම්කරුවාය

මීගමුව දැන් රටටම පුවත් සපයන ප්‍රධාන නගරය බවට පත්ව ඇති සෙයකි. ඒ කුඩු හා බැදුන කුණු කථා ගොන්නක්ද සමඟින්ය. දැන් රටම කථා කරන්නේ කෝටි 18  ක් ගිණුමේ තිබුණ මිගමු මහනගර සභාවේ සෞඛ්‍ය කම්කරුවා ගැනය.
කවදත් කෙලින් කථා කරන සමගි බලවේගයේ සිටින එකම දේශපාලකයා වන රංජන් රාමනායක සිය ෆේස් බුක් ගිණුමේ අපුරු ඡායාරුපයක්ද සමගින් සටහනක් පළකර තිබුණි.
ඒ සමුහ ඡායාරූපය රටටම ඇත්තම ඇත්ත කථාවක් කියා ඇති එකකි.
රු කෝටි 18 ක් ගිණුමේ තිබුණ තුෂාන් ක්‍රිෂ්මාල් නම් සෞඛ්‍ය කම්කරුවා පොලිස් අත්අඩංගුවට පත්විමට දින 3නකට කලින් මිගමුවේ පැවැති සුපිරි සාදයකට සහභාගි වි තිබුණි.
එය පැවැත්වුණේ මිගමුවේ හෝටලයකදිය.
ඒ සාදයට දයාන් ලංසා විසින් ඇරයුම් කර තිබුනේ ඔහුට ඉතාමත් සමිපතයන්  වෙතය.
ඉනුත් සුපිරිම සමිපතයෝ සමුහ ඡායාරූපයකට පෙනි සිට ඇත.ranjan
රන්ජන් රාමනායක විසින් අද ඒ සමුහ ඡායාරූපය සිය ෆේස් බුක් ගිණුමට ඇතුලත් කර තිබුනේ අපුරු සටහනක්ද සමගිනි.
ඒ සටහන පසුගිය රාජපක්ෂ සමය රටටම යලිත් මතක් කර සිටින්නකි.
එනම් මහින්ද රාජපක්ෂ හෙලිකොප්ටරයකින් නිමල් ලංසා බැහැදැකිමට පැමිණි බදාගෙන තිබිම ගැනය.
දැන් තවත් ජවනිකාවකි.
ඒ නළුවාද රාජපක්ෂ කෙනෙකි.
ඔහු සමිපයේම මෙවර සිටින්නේ රු කෝටි 18 ක් ගිණුමේ තිබුණ සෞඛ්‍ය කම්කරුවාය.නාමල් රාජපක්ෂ තරුණ කටයුතු භාර ඇමතිවරයාද වෙයි.අනාගත රාජපක්ෂ පරපුරේ කිරුළ පළදින්නට සැදි පැහැදි සිටින රාජකුමාරයාද වෙයි
ස,ර් ගේ පාලනය නරක නැත
සෞඛ්‍ය කම්කරුවන්ගේද ගිණුම් පිරි ඉතිරි යන්නේ කෝටි ප්‍රකෝටි ගණන් වලිනි.
සෙරෙප්පු පැළද පාපැදියෙන් මීගමු මහනගර සභාවට පැමිණි දේශපාලකයන් අද විදේස් රටවල පවා ඉඩකඩම් නිවාස ඇති කෝටිපතියන්ය.
දැන් ඒ මග යන්නට තරම් ඔවුන්ගේ ඇසුරේ සිටින සෞඛ්‍ය කම්කරුවන්ටද පින පැහැදි තිබේ
මිගමුව දැන් පුංචි රෝමය යැයි එදා කියු නාමකරණයන් පසෙකට තල්ලු කරදමමින් කුඩු රෝමය නමින් යළි බෞතිස්ම ලබා ඇති සෙයකි.
මේ අනුව කෝටි 18 ගිනුම් හිමියා මිගමුව නගරාධිපති දයාන් ලංසාගේ මෙන්ම නිමල් ලංසාගේද නාමල් රාජපක්ෂගේද සමිපතම දේශපාලන බඩියෙකු බව රංජන් රාමනායක විසින් දැන් ලෝකයාටම හෙළිදරව් කර ඇත.
අපි හෙට සිදුවන්නේ කුමක්දැයි දෑස් අයා බලාසිටින්නෙමු..