මීගමුව නගරාධිපති, දුම්රියටත් කොකා පෙන්නලා

0
52

රාත්‍රි පොළ පවත්වන රාජපක්ෂ  පළල් පාරේ වෙළදාම් කටයුතුවල නියැලුන වෙළදුන් 25 දෙනෙකු හට තාවකාලිකව වෙළදාම් කටයුතු කරගෙන යාම සදහා නිශ්චිත කොන්දේසි කිපයකට යටත්ව දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක් මාස 6 ක කාලයකට මීගමුව නගර සභාව විසින් බදුගන්නා ලදි.මේ බදුකාලය 2013 වසර අරම්භයත් සමගින් අවසන් විමට නියමිතව තිබිණි.
කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නගර සභාව වෙත ඉදිරිපත් කරන්නට යෙදුන මුලික කොන්දේසි කිපයක්ම මහනගර සභාව විසින් කිසිදු හිරිකිතයකින් තොරව කඩා දමා තිබුණි.
මෙහි ප්‍රධානතම කරුණ වන්නේ ඉතාපැහැදිලි ලෙසින් දුම්රිය දෙපාර්තමේන්තුවේ අධික්ෂනය යටතේ තාවකාලික ඉදිකිරිම් පමණක් කළයුතු යැයි ලිඛිතවම දැනුම් දි තිබියදි එයට එරෙහිව කටයුතු කර තිබිමයි.
.තාවකාලික කඩ පමණක් ඉදිකරන ලෙසින් කියා තිබෙද්දි ලක්ෂ ගණනක වියදමක් දරමින් විදුලියද ලබාගනිමින් ස්ථිර කඩ ඉදිකරන්නට යැයි මේ වෙළදුන්ට අවසර දුන්නේ කව්ද ?