මීගමුව නගරාධිපති හර්මන් කුරේරා දේශපාලනයෙන් සමුගනියිද..?

0
55

මීගමුව හිටපු නගරාධිපති හර්මන් කුරේරා මහතා මෙවර පළාත් පාලන මැතිවරණයේදි තරඟ නොකරන්නට තිරණය කර ඇතැයි වාර්ථා වේ.දිගු දේශපාන ඉතිහාසයක් සහිත පවුලකට උරුමකම් කියන ඔහු මීගමුවේ නගරාධිපතිධුරයට පත්වන්නේ එවකවට හිටපු නගාරධිපති නිමල් ලංසා මහතා පළාත් සභාවට තේරීපත්විමත් සමගය.ඔහුගේ ධුර කාලය තුල  කාසමගත් සුහදව සිටි මහත්මා ගති පැවතුම් ඇති පුද්ගලයෙකු ලෙසින් කාගෙත් සිත් දිනා සිටියේය.ඔහුගේ පාලන කාලයේ අවසන් භාගයේදි ඔහුට එරෙහි චෝදනා රැසක් එල්ල කරන්නට නිමල් ලංසා පාර්ශවයේ මන්ත්‍රිවරුන් පිරිසක් මුල්ව කටයුතු කලේය.එහිදි ඔවුන් බලාපොරොත්තු වුයේ නිමල් ලංසාට හිතවත් මන්ත්‍රි ගණන වැඩියැයි ප්‍රදර්ශනය කිරිමට යැයි තතු දන්නෝ පැවසීය.කෙසේ  වෙතත් සරත් නිමල් ගැටුමට මැදිව සිටි නිසා නගරය වෙනුවෙන් ලොකු වැඩකොටසක් කිරිමටච ඔහුට නොහැකි විය.

එහෙත් ඔහු විශ්‍රාම යන්නේ මීගමුව තුල මහත්මා දේශපාලනයේ යෙදෙන්නට උත්සාහ කළ තැනැත්තෙකු ලෙසය.

මෙවර  මැතිවරණයට තරග නොකරන්නට තිරණය කර තිබුනද සරත් පිළේ නියෝජනය ශක්තිමත් කිරිම වෙනුවෙන් හෙට දිනයේ කෙබදු තිරණයක් ගනිවිදැයි තවමත් අවිනිශ්චිතය.