මීගමුව නගර සභාවට වෙලා තියෙන දේ නාගරික මන්ත්‍රි වෛද්‍ය හෙන්රි හරියටම කියයි.!

0
80

dr'henry 2ඉකුත් 2 වනදා පැවැති මීගමුව මහනගර සභා රැස්විමේදි එජාප නාගරික මන්ත්‍රි වෛද්‍ය හෙන්රි රොසයිරෝ ඉතාමත් වැදගත් මැදිහත්විමක් කර තිබුණි.ඒ මීගමුව මහනගර සභාව අද පත්ව ඇති තත්වය ගැන වඩාත් නිවරදි විග්‍රයක යෙදෙමිනි.
එහිදි ඔහු අවධාරණය කර සිටියේ  මීගමුව මහනගර සභාවේ සේවකයන්ව පාලනය කළ යුත්තේ එහි නිළධාරින් විසින් වුවත් අද ඇත්තටම සිදුවන්නේ නාගරික මන්ත්‍රින්ලා විසින් මේ සියළු සේවකයන්ව පාලනය කිරිමයි.
එපමණක් නොව මන්ත්‍රිලා විසින් නිළධාරින්ට බැන වදිමින් සිදුකරනු ලබන අතිශය ප්‍රචණ්ඩ ක්‍රියා ගැනද ඔහු කදිමට පැහැදිලි කලේය.
ඔහුගේ සමස්ථ විග්‍රහයේ සාරංශය වුයේ මීගමුව මහනගර සභාව ආරජිකව ඇති බවය.
එහි තුල තිබිය යුතු වු යාන්ත්‍රණය දැන් ක්‍රියාක්මක නැති බවය.
ඔහු විසින් ඉතා නිවරදිව කියු දෙය පැය යන්නටත් මත්තෙන් නගර සභා පරිශ්‍රය තුලදිම කදිමට සනාථව තිබුනේ මෙම රැස්විම වාර්ථා කරන්නට ගිය මාධ්‍යවේදියෙකුට නගර සභා භුමිය තුලදි සේවාවැඩමුරයක නිරතව සිටින අතරේම අංක තහඩු නැති යතුරුපැදියකින් පැමිණ එල්ල කරන්නට යෙදුන ප්‍රහාරයත් සමගින්ය.මෙය වඩාත් භායනක වන්නේ එහි කොන්ත්‍රාත්තුව නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් සිදුකර ඇතැයි අනුමාන කරන්නට අවැසි කරුණු රැසක් දැනටමත් හෙළිව ඇති බැවිනි.
එහෙත් අවාසනාවක තරම වන්නේ මේ කටුක ඇත්ත තේරුම් ගන්නට තරම් ප්‍රමාණවත් බුද්ධියක් නගරාධිපති ඇතුළු මේ සභාවේ බහුතරයකට නොමැති විමය.