මීගමුව නගර සභාවේ හිස්වූ පරිපාලන නිලධාරි තනතුරට නුසුදුස්සෙක් ?

0
230

මීගමුව නගර සභාවේ හිටපු  පරිපාලන නිලධාරිනිය (A0)  අද (29 ) වනවිට වෙනත් ආයතනයකට  මාරුවක් ලබා ගොස් ඇති අතර
ඒ වෙනුවට එම තනතුරට   නගර සභාවේ තවත් නිලධාරිණියක්ව පත්කර තිඛෙන බව වාර්තා  වේ.  මේ වනවිට අලුත් පරිපාලන නිලධාරී තනතුරට   කොමසාරිස්වරයා විසින්  පත්කර  ඇති  නිලධාරිණියට මෙම තනතුර දැරීම සදහා සුදුසුකම් නොමැති බව නගර සභා ආරංචි මාර්ග  වාර්තා කර සිටියි.
පරිපාලන නිලධාරි තනතුරට ඉහළම සුදුසුකම් තිඛෙන නිලධාරිණියක් මේ වනවිටත් මීගමුව නගර සභාවේ සේවය කරද්දී මෙවැනි අමනෝඥ ක්‍රියාවක් සිදුවීම සම්බන්ධයෙන් සමහර නිලධාරීන් විමතිය පළකර සිටිති. එමෙන්ම හිටපු පරිපාලන නිලධාරිනියට මාරුවක් ලැබී තිබියදී ත් නියමිත කලට ඉවත්ව නොගියා සේ තවත් එසේ තම සේවා දිගුවක් පවත්වාගෙන යන නිලධාරීන්ද මීගමුව නගර සභාවේ සිටින අතර ඔවුන්ට ද  රාජ්‍ය නීතිය එකසේ බලපැවැත්විය යුතු බව නගර සභා සේවකයෝ පවසති.MC NGB