මීගමුව නගර සභාවේ නිලධාරින් කිපදෙනෙකුට ස්ථාන මාරු ?

0
58
Mass Image Compressor Compressed this image. https://sourceforge.net/projects/icompress/ with Quality:80

( 3.00pm) මිගමුව මහනගර සභාවේ නිලධාරීන් කිපදෙනෙකුට ඉදිරියේදි ස්ථාන මාරු ලැබිමට නියමිත බවට වු කසුකුසුවක් මේ වන විට නගර සභා සේවකයන් අතර පවති.

ලංසා පාලන සමයේ ඔවුන්ගේ ආයතා ගණුදෙනුවට අතදිගහැර උදව් කළ කිපදෙනෙකුට මේ ස්ථාන මාරු කඩිනමින් ලබෙනු ඇති බව කියැවේ.

මේ ඇතමෙකුට ස්ථාන මාරුලබා දිම සඳහා මිට පෙර හිටපු නාගරික කොමසාරිස්වරිය කටයුතු කර තිබුනද වත්මන් කොමසාරිස්වරිය පැමිනි පසු ඒවා නැවති තිබුණි.

කෙසේ වෙතත් පළාත්පාලන මැතිවරණ කටයුතු ආරම්භ විමට පෙර මෙම මාරුවිම් සිදුවෙනු ඇතැයි යන්න නගර සභාවේ මේවනවිට හුවමාරුවෙමින් ඇති තොරතුරු අතර වේ.

මෙය දේශපාලන අධිකාරිය වත්මන් කොමසාරිස්වරිය හමු⁣විමෙන් පසුව සිදුවන දෙයක් විය හැකි යැයි මේ වන විට බොහෝ දෙනෙකු විශ්වාස කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here