මීගමුව නගර සභා භූමියේ ඉදි වූ නව බුද්ධ ප‍්‍රතිමාව විවෘත වේ.

0
96


පසුගිය කාලයේ මීගමුව පුරා මහත් ආන්දෝලනයකට ලක්වු මහා නගර සභා භූමියේ ඉදි වූ නව බුද්ධ ප‍්‍රතිමාව, ඊයේ දින එනම් ඔක්තෝබර් 14 වැනි ඉරුදින සවස උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. ඒ සදහා සර්ව ආගමික සමුඵව නියෝජනය කරන මාදුඵවාවේ සෝභිත සහ බ‍්‍රාහ්මනවත්තේ සීවලී යන ස්වාමීන් වහන්සේලා ප‍්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වුහ.
. මෙම විවෘත කිරිමට මීගමුව ප‍්‍රදේශයේ බෞද්ධ බැතිමතුන් රැසක් පැමින සිටියහ.

පසුගිය 11 වනදා මීගමුව මහනගර සභාවේ  මන්ත්‍රිවරුන් 17  දෙනෙකුගේ ජන්දයෙන් විශේෂ යෝජනාවක් සම්මත කරමින් පවසා තිබුනේ මෙම බුද්ධ ප්‍රතිමාව දැනට ස්ථාපිත කර ඇති ස්ථානයෙන් ඉවත් කර නගර සභා භූමියේ වෙනත් ස්ථානයක ස්ථාපිත කළ යුතු බවය.
මෙම නව බුද්ධ ප‍්‍රතිමාව විවෘත කිරීමෙන් පසුව මීගමුව අභයසේකරාරාමයේදී (පොඩි පංසලේදී ) උත්සව සභාවක් පැවැත්විණි. මෙහිදී එම උත්සව සභාව ඇමතූ අභයසේකරාරාම විහාරාධිපති සුමේධ තිස්ස ස්වාමීන් වහන්සේ ප‍්‍රකාශ කලේ මුලදී මෙම බුද්ධ ප‍්‍රතිමාව තැබීම සදහා නව බුදු කුටියක් ඉදි කර ගැනීම වෙනුවෙන් මීගමුව නගරාධිපතිවරයා ඉඩ ලබා දුන් අතර පසුව බුද්ධ ප‍්‍රතිමාවේ ප‍්‍රමාණය හා එම බුදු කුටිය ඉදි කළ නව ස්ථානය සම්බන්ධයෙන් නගරාධිපතිවරයාගෙන් යම් අකමැත්තක් පළ වූ බවයි.

කෙසේ වෙතත් උන්වහන්සේ අවධාරණය කලේ මීගමුව ප‍්‍රදේශයේ ආගමීක සමගිය පවත්වා ගැනීම වැදගත් වන බවයි. එලෙසම උන්වහන්සේ පෙන්වා දෙන්නේ අඟුරුකාරමුල්ල විහාරස්ථානයට (මහ පංසලට) පිවිසෙන මාර්ගයේද කතෝලික ආගමීක ප‍්‍රතිමාවක් ඉදි කර ඇති බවත් ඒ සදහා බෞද්ධ ජනතාව කිසිදා විරුද්ධ වී නොමැති බවයි. එලෙසම මීගමුවේ වැඩි සංඛ්‍යාවක් කතෝලික ප‍්‍රතිමා ස්ථාපිත කර ඇති ආකාරයට මීගමුවේ වෙසෙන බෞද්ධයන් සෑම තැනකම මෙලෙස බුද්ධ ප‍්‍රතිමා තැබීමට කටයුතු නොකරන බවද උන්වහන්සේ වැඩි දුරටත් එහිදී අවධාරණය කළේය.
මෙම උත්සවයට සහභාගී වී සිටි එකම නාගරික මන්ත්‍රීරවරයා වුයේ ආණ්ඩු පක්ෂයේ දයාල් නිලංග මන්තී‍්‍රවරයා පමනි.