මීගමුව නගර සභා මුදලින් ගත් කැරම් බෝඩ් 50 බෙදුවේ කාටද ?

0
128

මීගමුව නගර සභා මුදලින් මිළදී ගත් කැරම් බෝඩ් 50ක්  ඉතා ආසන්න දිනකදී එක්තරා තාක්ෂණික නිලධාරියෙකු විසින්  නගර සභාවේ ගබඩා අංශයට ද සටහන් නොකර ගෙන ගොස් ඇතැයි වාර්තා වේ.මෙම ක්‍රීඩා භාන්ඩ මීගමුව නගරයට අදාළ ක්‍රිඩා සමිති වලට ලබාදිය යුතු වුවද මේ වනතෙක් මේවා බෙදා දී ඇත්තේ කොහේට  ද යන්න දැනගන්නට නැත.  බොහෝ විට මෙම කැරම් බෝඩ් තොගය මීගමුව ආසනයෙන් පිට වෙනත් මැතිවරණ කොට්ඨාශයකට ගෙන යන්නට ඇතැයි ඇතැමුන් සැක පළ කරති. මේ දිනවල පවතින බස්නාහිර පළාත් සභා ඡන්දයට තරග වදින   හිටපු පළාත් සභා ඇමති නිමල් ලන්සා සහ ප.සභා අපේක්ෂක සකාවුල්ලා යන අපේක්ෂකයන් වෙනුවෙන් මෙම කැරම් බෝඩ් ඇතුළුව තවත් මීගමුවේ ක්‍රීඩා සමිති වලට දිය යුතු ක්‍රීඩා භාන්ඩ කෙතරම් ප්‍රමාණ්‍යක් නගර සභා මුදලින් වෙනත් කොට්ඨාශ වලට බෙදා ඇත්දැයි යන්න පිළිබදව අසන්නට සිදුවන්නේ මීගමුව නගරාධිපතිවරයාගෙන්ම පමණකි.
carom