මීගමුව නම් සාමකාමියි ! ඒත් කෝ මේ ප්‍රධාන පුරවැසියා ???????

0
125

Periyamulla muslim community 2(11.10 pm ) නගරයේ ප්‍රධාන පුරවැසියා වන්නේ ඒ නගරයේ නගරාධිපතිය.මීගමුවේදි ඒ තනතුර දරන්නා වන්නේ මොසෙස් දායන් ලංසාය.ඔහු බැසිල් රාජපක්ෂගේ අතිශය කිට්ටු දේශපාලන සගයෙකු වන නිමල් ලංසාගේ සොහොයුරාය.මීගමුව නගරයේ සිටින සියළු ජනකොටස්හි ප්‍රධාන පුරවැසියා වන්නේද ඔහුය.
මහජන බදුමුදල් වැය කරමින් සිදුකරන ඕනෑම දෙයක් එසැනින් ෆෝටො ගසා මුහුණු පොතේ ඔබන්නට ඔහු තරම් රුසියෙක් නැති තරම්ය.
පිපිරුණු බෝම්බයේ  අතිබහුතරයක් ජනයා අයත්ව සිටියේ කටාන ආසනයට වුවද මායිම පැන අතදිගහැර මිගමු බදුමුදල් වැය කරමින් ඒවා සියල්ලට ප්‍රචාරක වාසියක් ලබාගන්නටද මේ ප්‍රධාන පුරවැසියා අමතක කළේ නැත.
එහෙත් ඔහු දැන් එක දෙයක් අමතක කර තිබේ.
එනම් ඔහුට සහ ඔහුගේ පවුලට තවදුරටත් මිගමුව පාලනය කිරිම සදහා ඉරපැන අතදිහගහැර සහය පළ කළ නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ ජනකොට්ටාශය පිඩාවට පත්වු කල්හි නිකමටවත් ප්‍රධාන පුරවැසියා ලෙසින් මේ අය අතරට නොපැමිණිමය.
දේශපාලන සබදකම් පැත්තකින් තැබුවද නගරයේ ප්‍රධාන පුරවැසියා සිය පුරයේ වැසියන්ගේ පිඩාවන් ගැන විමසා බැලිම සාමාන්‍යයෙන් සිදුකළ යුත්තක් වුවද එය එසේ සිදුව නැත.,මුහුණු පොතේ ෆෝටෝද නැත.
කොටින්ම කියන්නේ නම් කාර්දිනල් හිමි ඇරෙන්නට මුස්ලිම් ජනයාව බැලිමට පැමිණි කිසිදු දේශපාලකයෙකු නැත.
කාර්දිනල් හිමි පැමිණෙන විට අත්වැල් අල්ලාගෙන අන් කතෝලික මැති ඇමත්තෝ ද හිටියේ නැත.
කාර්දිනල් හිමිට ඡන්ද වැදගත් නැත.වැදගත්ම දෙය වන්නේ මිනිසත්කමයි. ආගමටත් එහා ගියා ඒ ගැඹුරු මිනිසත්කම වෙනුවෙන් ඔහු මිගමුවේ ඇවිලෙන්නට ගිය ගිණි නිවාදමන්නට මහත් වෙහෙසක් ගත්තේය.