මීගමුව නවලෝක රෝහලේ සිටින්නේ සුදුසුකම් සහිත පුහුණු හෙදියන්ද ? රෝගීන්ගෙන් පැමිණිල්ලක් ?

0
339

nawalokaමීගමුව නවලෝක රෝහලේ ඩෙංගු උණ සදහා නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකුගේ දුවකට සහ පුතෙකුට සිදුව ඇතැයි කියන හෙද නොසැලකිල්ලක් පිලිබදව අදාල දෙමව්පියන් විසින් රෝහල් බලධාරින් වෙත පැමිණිලි කර ඇතැයි වාර්ථාවේ.
පසුගිය දිනක කාමර අංක 409 නේවාවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි දැරියකට සපොසිව් නම්වු  වේදනා නාශක කරලක් පිටපස ගුදමාර්ගයෙන් ඇතුලත් කළ යුතුව තිබියදි එය ඉදිරිපස යෝනිය තුලින් ඇතුලත් කර ඇතැයි යන්න එක් චෝදනාවකි.
අනික චෝදනාව වන්නේ එම කාමරයේම නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි පිරිමි දරුවාගේ  අතේවු කැනියුලාව ඉවත් කිරිමේදි එය කතුරකින් කැපිමට ගොස් තුවාලයක් සිදුකර තිබිම පිළිබදවය.
මේ සිදුවිම් වලින් කියැවෙන එක බරපතල කාරණයක් වේ. එනම් නවලෝක රෝහලේ හෙද කාර්ය මණ්ඩලයේ ඇතැම් අයට ඇති සුදුසුකම් කම් සහ අදාල කටයුත්ත සදහා ඇති නිපුණතාවය පිළිබද ගැටළුයි.
මේ වාර්තා වි ඇති හෙද නොසැලකිල්ල පිළිබද සිදුවිම් දෙකම ඉතා බරපතල කාරණාය.දැනට විශාල ඩෙංගු රෝගින් පිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබන මෙවැනි රෝහලක් සුදුසුකම් හා අදාල නිපුණාවයෙන් යුත් හෙද කාර්ය මණ්ඩලයක් පවත්වාගෙන නොයන්නේ නම් එය බරපතල ප්‍රශ්ණයකි.
මේ ගැන අප ඊයේ දිනයේ නවලෝක රෝහල අමතා විමසා සිටියද ඒ ගැන අපට කරුණු පැහැදිලි කරනවා යැයි  පොරොන්දු වි තිබුණද මේ සටහන තැබෙන 2017 ජුලි 13 වනදාත් පිළිතුරු ලබාදි නොතිබුණි.

Save

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here