මීගමුව නව පුරපති අද දිවුරුම් දෙයි.

0
50

මීගමුව නව පුරපති ලෙසින් තලාහේන පේරුව නියෝජනය කරමින් මෙවර තේරි පත්වු ඇන්ටනි ජයවීර මහතා අද උදෑසන 9 ට ජනාධිපති මන්දිරයේදි දිවුරුම් දුන්නේය.ආණ්ඩු පක්ෂයේම පැහැදිලි පිළ් 2කක් පවතින යථාර්ථයක් තුල ලංසා පිළ නියෝජනය කරමින් ජයවීර මහතා සිය ධුර කාලය තුල මේ බල අරගලයේ ගොදුරක් බවට පත්ව නිෂ්ක්‍රිය වෙයිද ?

හිටපු පුරපති හර්මන් කුරේරා මහතා එම ධුරයට පත්වුයේ එවකට නගරාධිපතිධුරය  දැරු නිමල් ලංසා මහතා පළාත් සභාවට තේරිපත්විමෙන් අනතුරුවය.මීගමුව සංවිධායක සරත් ගුණරත්න මහතා විසින් හර්මන් කුරේරා මහතා නගරාධිපතිධුරයට පත්කළද ඔහුගේ පිළ  නියෝජනය කරන්නට එවකට නගර සභාව තුල සිටියේ මන්ත්‍රිවරුවන් දෙදෙනෙකු පමණි.අනික් සියළු දෙනා සිටියේ ලංසා පිළ නියෝජනය කරමිනි.මේ නිසාම හර්මන් කුරේරා මහතාට ඔහුගේ ධුරකාලය තුල වැල්ලවිදිය දුන්ගාල්පිටිය බල අරගලයට මැදිව කල් ගෙවිමට සිදුවිය.

අද පවතින යථාර්ථය තුල ලංසා පිළට මෙන්ම සරත් පිළටද සම සමව මන්ත්‍රි වරුන් සිටිති. මේ තත්වය නිසි අයුරන් කළමණාකරණය කරගන්නට ඇන්ටන් ජයවීර නගරාධිපතිවරයා සමත්වන්නේ නම් පමණක් ඔහුගේ දේශපාලන අනාගතය සුරැකෙනු  ඇත.